ශා.ආනා විදුහලේ අළුත්ම දඩ කලාවක්,,,,

0
156

කුරණ ශා.ආනා විදුහල යනු පසුගිය කාලය තුල මේ ප්‍ර දේශයේ කථාබහට ලක්වු පාසැලකි.ඒ විවිධ සම්මාන වලට එය පාත්‍රවිම හේතුවෙනි.එහෙත් මෙහි ක්‍රියාත්මක ඇතැම් දෑ එම පාසැලේ දෙමව්පියන්ට හට අවස්ථා කිපයකදිම ඔරොත්තු නොදෙන තත්වයකට පත්ව තිබුණි.මේ දිනවලද එවන් කථාබහක් පාසැලේ බහුතරයක් දෙමව්පියන් අතර පටන් ගෙන ඇත.

ඒ පාසැලේ පංති කාමර සදහා තින්ත ආලේප කිරිමට රු 400 ක් අය කිරිම ගැනය.40 දෙනෙකුගෙන් සමන්විත පංතියක රු 16000 ක් තින්ත ගෑම  සදහා වැයවන්නේදැයි දෙමව්පියන් ප්‍රශ්ණ කරති.මේ මුදල නොගෙවු ඇතැම් ළමුන් වෙත ඔවුන් ගේ ප්‍රගති වාර්ථාව දිම පමා කර  ඇතැයිද වාරථා වේ.මේ පාසැලේ අළුත් තාලේ දඩ කොලයක් ක්‍රියාත්මකවන අයුරු අද උදෑසන අප නිරික්ෂණය කළෙමු.එනම් පාසැලට ප්‍රමාද වි පැමිණෙන ළමුන්ගෙන් රු.10 ක්  පාසැලේ ගේට්ටුව අසල සිට දඩුවම් ලෙසින් එකතු කිරිමයි.මෙවන් දඩුවම් වලට දරුවන්  යොමු කිරිමෙන් පාසැලේ පරිපාලනය බලාපොරොත්තු වන්නේ කවර අන්දමේ විනයක්ද???????