ශා ජෝන්ද බැප්ටිස් පාසලේ දෙමාපියන් හිටපු විදුහල්පති ඉල්ලා උද්ඝෝෂණයේ

0
45

අද (ඔක් 05) පෙරවරුවේ කොච්චිකඩේ -පල්ලන්සේන ශා.ජෝන්ද බැප්ටිස් විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වූ අතර මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ මෙම පාසලට පැමිණෙන දරුවන්ගේ දෙමාපියන් විසිනි. මෙම අවස්ථාවේදී ඔවුන්ගේ ඉල්ලීම් වී තිබුණේ පසුගිය වසර දෙක ඇතුළත පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමේලා විශාල කැපවීමක් සිදුකළ විදුහල්පතිවරයා නැවත මෙම පාසලට ලබාදෙන ලෙසයි. ළමුන් 300කගෙන් ආරම්භ ව තිබූ  පාසල මේ වනවිට ළමුන් 600ට අධික සංඛ්‍යාවක් පාසලට ගෙන්වා ගැනීමට සමත්වූවා මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයෙන් කලාපය තුළ 53 වන ස්ථානයේ තිබුණ මෙම පාසල  මේ වනවිට   12 වන ස්ථානය දක්වා ගෙනඒමට මෙම විදුහල්පතිවරයා ඇතුළු පාසලේ ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද කැපවී ක්‍රියාකළ බවත් මෙයට විරුද්ධවූ සුළු කණ්ඩායමක් විසින් විදුහල්පතිවරයා මෙම පාසලෙන් ඉවත්කිරීම සඳහා  කුමන්ත්‍රණකාරීව ක්‍රියාකිරීමේ ප්‍රතිපළයක් ලෙස  විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් වූ   බව  මෙම විරෝධතාවයට  සහභාගී වූ  දෙමාපියෙක් මී්පුර වෙබ් අඩවියට පවසා සිටියේය.
මේ වනවිට පාසල අත්කරගෙන තිබෙන අධ්‍යාපනික සංවර්ධනය මුළුමනින්ම අඩාලවීමට පටන්ගෙන ඇති බවත්  දෙමාපියන් චෝදනා කරති. මේ හේතුවෙන් තමන්ට මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කළ හැකි කලාපීය සියලූම කතෝලික ආගමික නායකයින්ට ද ලිඛිත දැනුම් දී ඇති අතර මීගමුව කලාපයේ
අධ්‍යාපනික බලධාරීන්ට ද දැනුම් දුන් බවත් කිසිවෙකුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් ඒ හේතුවෙන් මෙසේ පාරට පැමිණ උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකට එක්වූ බවත් දෙමාපියෝ පැවසූහ. මේ සම්බන්ධයෙන් ප්‍රෙද්ශයේ දේශපාලන නායකයන්ට ද දැනුම් දුන්නද  එයින්ද පළක් නොවූ බව ඔවුන් පැවසූහ. මෙම විරෝධතාවය පැවති ස්ථානයට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි  රෝස් ප්‍රනාන්දු මහත්මිය සහභාගී වී සිටිනු ලදී.
1606357_595804573834419_1316440552_o

Save