ශිෂ්‍යබට තූර්‍යවාදන තරඟයේ ජය නිවුස්ටෙඩ් බාලිකාවට..

0
206

නිවුස්ටෙඩ්1988 වසරේදී ජාතික පාසලක් බවට පත්වූ මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලය එවකට ප්‍රදේශයේ පැවති පළමු තූර්‍ය වාදක කණ්ඩායමට හිමිකම් කීවාය. කාලයත් සමගම ප්‍රදේශයේ අනෙකුත් පාසල් වල තූර්‍ය වාදක කණ්ඩායම් ඇි වූවත් ඒ සැම අතරින් වඩාත් පෙරමුණ ගෙන කටයුතු කලේ නිවුස්ටෙඩ් බාලිකා තූර්‍යවාදක කණ්ඩායමයි.

ඒ බව තවදුරටත් ඔප්පු කරමින් මෙවර රන්ටැබේ ශිෂ්‍යබට කඳවුරේ පැවති තූර්‍යවාදක තරගයෙන් ජය ගැනීමට නිවුස්ටෙඩ් බාලිකාවන් සමත් වී ඇත. මින් පෙර වසර වලදී මහනුවර ,කොළඹ වැනි පලාත් වල ප්‍රධාන පෙලේ පාසල් විසින් තම ආධිපත්‍යයට නතු කරගෙන තිබූ රන්ටැබේ කදවුර ටමවර තමන්ගේ ආධිපත්‍යට නතු කර ගැනීමට නිවුස්ටෙඩ් බාලිකාවන් සමත් විය. එහිදී පාසලේ තූර්‍යවාදක කණ්ඩාය මෙහෙයවනු ලැබුවේ භාග්‍යා ගුරු මෙනෙවිය විසිනි.

නිවුස්ටෙඩ් බාලිකාවන්ට මීපුර අපේ සුභ පැතුම්…..!