ශිෂ්‍යාවක් බලෙන් අස්කිරීම ගැන නිව්ස්ටඩ් බාලිකාවට චෝදනා ??

0
134
Negombo in 1976 - Newstead Girls College, education in rhythmic gymnastics

16611482අද පෙරවරුවේදී මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය  වෙත ගොස් ඇති පාසලේ ශිෂ්‍යාවකගේ  මවක්   මීගමුව නිව්ස්ටඩ් බාලිකාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. නිව්ස්ටඩ්  බාලිකා විදුහලේ 04 වසරට ඇතුළත් කර තිබූ සිය දියණියව හදිසියේම පාසලෙන් අස්කර ඇති බවට ඇය අධ්‍යාපන බලධාරීන් වෙත පැමිණිලි කර ඇත. අද දහවල් එම කාන්තාව මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ගොස්  ඇත්තේ සිරස ප්‍රාදේශීය වාර්තාකරුට ද දන්වමිනි.  එම ශිෂ්‍යාව ඇතුළත් කර ගැනීමට රු ලක්ෂ 2 ක් ගෙවීමට ඇයට සිදුවී ඇති බවට මේ සම්බන්ධයෙන් නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
04 වෙනි පන්තියේ ඉගෙනුම ලැබූ මෙම ශිෂ්‍යාව ඇතුළු තවත් ළමුන් 2 දෙනෙකු පාසලේ ලියාපදිංචි ලේඛනයට ඇතුළත් කර තිබී නොමැති අතර මේ පිළිබදවද  පැමිණිල්ලක්  අධ්‍යාපන නිලධාරීන් වෙතට යොමු කර තිබේ.
මෙම සිදුවීම හෙළිදරව් වී ඇත්තේ එක් දිනක්  බාලිකාවේ අදාළ පන්ති භාර ගුරුතුමිය නිවාඩු ගොස් සිටියදී වෙනත් ගුරුතුමියක් විසින්  එම පන්තියේ  නම් ලකුණු කරන්නට යාමේදීය.

එම අවස්ථාවේදී  රෙජිස්ටරයේ නම නොමැති ශිෂ්‍යාවක්   එම පන්තියේ සිට ඇති බවට හෙළිදරව් වී තිබේ.   මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීම සදහා අප විසින් නිව්ස්ටඩ් බාලිකාවේ විදුහල්පතිනියට දුරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කළ අතර ඇය පිළිතුරුදීමෙන් වැලකී සිටියාය.

ඉන් ටික වේලාවකට පසු අපගේ මාධ්‍ය නියෝජිතයෙකු හට පැමිණි නිර්ණාමික දුරකථන ඇමතුමකින් කතාකළ දෙමාපියෙක් යැයි කියාගත් පුද්ගලයෙකු මෙම ප්‍රවෘත්තියට අදාළ තොරතුරු ලැබුණේ කොහෙන්ද යන්න දිගින් දිගටම විමසා සිටින ලදී.