සංචරණ සිමා පනවන්න- GMOA දිස්ත්‍රික්ක 3 ක් අවදානම්- PHI සංගමය

0
109

පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

වැඩිදුරටත් ඔහු පැවසුවේ කොවිඩ්-19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවය.

එහිදී අදහස් දැක්වු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ, 

“රජය ගතයුතු වැඩපිළිවෙළ අතර සංචරණ සීමා කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය කර තිබෙන බව අපි දකිනවා. ඒ සංචරණ සීමා නීති හරහා සිදුකරනවා. ජනතාවටත් ආකල්ප වශයෙන් වෙනසක් කරගත යුතු වෙනවා. මේ ආකල්පවල වෙසක් සිදුනොවුනොත් මේ කෙතරම් නීති දැම්මත් අපට ගෝලීය වසංගතයක් පාලනය කිරීම සීමා සහිත වෙනවා. මේ මොහොත වනවිට පවතින රෝගී තත්ත්වය කළමනාකරණය කරගත හැකිව තිබෙනවා. හැබැයි මේ ඉදිරි දිනවලද‍ීත් සංචරණ සීමාවලින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම ජනතාව තමන් හිතලා වගේම අනිත් පැත්තෙන් රජය හැටියට යම් ආකාරයක සංචරණ නියාමන පැනවීම තුළ, හැයාවක් ලැබෙනවා මේ රෝගය පැතිර යෑම වළක්වන්න. බොහොමයක් තැන්වල අපි දකිනවා දේශපාලන කොණයකින් දකින ආකාරයක් ගැන. විවිධ අය තමන්ට වාසිදායක වෙන ආකාරයට. ඒ කියන්නේ රෝග පාලනයවීමේ වාසිය එක් පිරිසක් ගන්න උත්සහ කරනවා. පාලනය නොවීමේ තත්ත්වය තව පිරිසක් දේශපාලනීය වාසි කරගන්න හදනවා. පක්ෂ විපක්ෂ වලට අපි ඉල්ලීමක් කරනවා මේක සෞඛ්‍ය අංශවලට ඔවුන්ගේ තීරණ මත කරගෙන යාමට ඉඩ දෙන්න.” යනුවෙනි.

මේ අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එහිදී ඔහු පැවසුවේ, “ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් පොකුරු වර්ධනය වෙමින් ආසාදිතයින් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සති අන්තයේ ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේක්ෂා කළා යම් තරමක හෝ සංචරණ සීමා පනවයි කියලා. නමුත් එම තත්ත්වයක් මේ වන තුරු පෙනෙන්නට නෑ. මේ ත්ත්වය යටතේ මහජනතාවට 100ට සියක්ම වගකීම පැවරෙනවා ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීමට”.

එමෙන්ම ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව පැවැත්විම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

පවතින අවදානම් තත්ත්වය නිසි ආකාරව හඳුනා ගනිමින් ඉතාමත් වගකීමෙන් කටයුතු කරන ලෙසට සියලුම ආගමික නායකයින්ගෙන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් රජයේ අදාල බලධාරින් මේ සංගම් දෙක විසින් අවුරුද්දට පෙර සිටම කරන්නට යෙදුන අවදානම ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වු බව ඉතා පැහැදිලිය.
නිදසුනක් ලෙස දැන් නුවරඑළියට යන්නට එපා යැයි කියන බලධාරින් මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල දිගටම ප්‍රචාරය කළේ සැළලිහිණි වසන්තට නුවරඑළි එන ලෙසය
මුලාශ්‍රය – දෙරණ