සංචාරකයන්ටත් මිගමුව එපාකරවන මීගමුවේ AC බස් කොන්දොස්තරලා !

0
116
dav

dav

( 8.00 am ) මීගමුව කොළඹ අධිවේගි මාර්ගයේ සුබෝපහෝගි බස්සේවාව පිළිබදව මේ වන විට පැමිණිලි රැසක් ලැබෙමින් පවති.
මෙහි ප්‍රධානතම චෝදනාව වි ඇත්තේ බස් රථයේ අාසන ගණට වඩා හැම විටම මගින් නංවා ගෙන යාම පිළිබදවය.
මීගමුවෙන් පිටත් වන බස් රථ 18 කණුව හංදියෙන්ද  හිටගෙන යාම සදහා මගින් නංවා ගණිති.
ඇතැම් විට මේ ගණන 5 ද ඉක්මවයි.
මේ හේතුව නිසා නියමිත මුදල් ගෙවා පහසුවෙන් යාමට මේ බස්රථවලට ගොඩවන මගින්ටද විදින්නට වන්නේ බලවත් අපහසුවකි.
මේ සියල්ල මෙසේ තිබියදි ඊයේ සවස් වරුවේ තවත් ඉතාමත් අවිනිත ක්‍රියාවක් සිදුව තිබුණි.
එනම් කොළඹින් සවස 4.30 ට පමණ පිටත් වු බසයකි.
ND1918 යනු එහි අංකයයි.
මේ බස්රථයට ගොඩවිම සදහා පැමිණි විදේශිය යුවලක් සිය ජංගම දුරකථනයෙන් පෙන්වා අසා තිබුනේ ගුවන්තොටපුලට යාහැකිදැයි කියාය.
ඒ ගැන නිසි විමසිමක් නොකළ කොන්දොස්තරවරයා කල්පනා කළේ තවත් කෑලි 2 ක් එකතුවිම ගැන පමණි.
ඔහු මේ අයව නංවා ගත්තේ yes yes කියමිනි.
බස්රථය 18 කණුවට ලගාවන විට මේ ගැන යළිත් විමසා සිටි මේ යුවලව 18 කණුවෙන් බස්වන්නට සලස්වා තිබුණි.
විශාල ගමන් මළුද සමගින් මේ යුවල අසරණවි 18 කණුවෙන් බැස්ගත්තේ තම ගමනාත්තය වු ගුවන්තොටට යාමට තිබියදිය.
ඉතින් සංවාරක පුරයක් වු මිගමුවේ බස්රථ රියදුරන්ට මෙන්ම කොන්දොස්තර වරුන්ටද ඔවුන් හැසිරිය යුතු අන්දම ගැන ප්‍රධාන අවධානයක් යොමුකළ යුතු නොවේද ?