සංචාරක කතට ලිංගික බලපෑම් කරන්න හැදු මීගමුව බන්ධනාගාර නිළධාරියා කව්ද?

0
58

nayomi2තම අත් බාහුවේ බුදු රුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා රටින් පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කාන්තාවගෙන් ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් සමාව ඉල්ලා තිබේ.

ඇයට සිදු වූ අපහසුතාවය ගැන පසුතැවිලි වන බවත් සංචාරයක් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා යන වියදම ලබා දීමට සුදානම් බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ බලධාරීහු ප්‍රකාශ කරති.

 සල්ලිත් එක්කවත් ලංකාව එපා

මේ අතර, තමන් මීගමුව බන්ධනාගාරයේ රදවා සිටියදී එහි ආරක්ෂක නිලධාරියකු තමන්ට ලිංගික ඇසුරකට ඉඟි කළ බවත් ඒ හේතුවෙන් රාත්‍රිය පුරා තමා දූෂණය වීමට ඉඩ ඇතැයි බියෙන් පසුවූ බවත් පිටුවහල් කිරීමට ලක් වූ තිස් හත් හැවිරිදි නයෝමි කොලමන් මාධ්‍යය වෙත පවසා තිබේ.

මිරිහාන විශේෂ රැදවුම් මැදිරියට ඇය රැගෙන යාමට ප්‍රථම මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි අතර එහිදී තමන් පරීක්ෂා කිරීමට පැමිණි කාන්තා නිලධාරීන් තමාගෙන් මුදල් ඉල්ලා සිටි බවද ඇය හෙළි කර ඇත.

රජය ඇයට නොමිලේ සංචාරයකට පහසුකම් සලසාදීමට කැමැති වුවද, ඇය මාධ්‍යවලට පවසා ඇත්තේ යළි කිසි දිනෙක ලංකාවට නොපැමිණෙන බවයි.
(ලංකා හෙරල්ඩ් ඇසුරිනි)