සංදර්ශන,කානිවල් නිසා කඩොල් කැලේ ක්‍රිඩාංගනය මඩවලක් වෙයි ? නාමල්ගෙනුත් විරෝධය…..

0
300

IMG-20201002-WA0021IMG-20201002-WA0013මීගමුව ක්‍රිඩා අතර වඩාත් ප්‍රචලිත ක්‍රිඩාව වි තිබුනේ පාපන්දුය. ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කිරිම සදහා ක්‍රිඩකයන් ගණනාවක්ම මිගමුව විසින් ඩා මේ අනුව දායද කර තිබුණි.IMG-20201002-WA0027
එහෙත් ලංසා පාලනය මිගමුව තුල ක්‍රියාත්මක විම ආරම්භ විමත් සමගින් මහජන බදු මුදලින් නඩත්තු වන ක්‍රිඩා පිටි ලංසා පවුලේ හිතවතුන්ගේ පාලනය යටතට පත්කිරිමත් සමගින් මිගමුවේ පාපන්දු ක්‍රිඩකයන්ට සිය පුහුණු විම් සදහා ගැටළු රැසක් මතුවන්නට විය.,
විශේෂයෙන්ම විශාල මහජන මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද කඩොල් කැලේ ක්‍රිඩාංගනය පසුගිය කාලය තුල ඉවක් බවක් නැතිව සංදර්ශන සහ කානිවල් වලට ලබාදිම හේතුවෙන් දැන් එය එහෙම පිටින්ම මඩවලක් බවට පත්ව තිබේ.
මේ නිසා මෙතෙක් කඩොල් කැලේ ක්‍රිඩා පිටිය පුහුණු කටයුතු සදහා භාවිතා කරන ලද අයට අද දොන් බොස්කෝ ක්‍රිඩාංගනයට රු 4000 ක් ගෙවා පුහුණුවිම් කිරිමට සිදුව ඇතැයි වාර්ථා වේ.
මේ අතර පසුගියදා ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂද මේ ප්‍රශ්ණය ගැන බරපතල අවධානයක් යොමු කර තිබුණි.IMG-20201002-WA0020

එනම් ක්‍රීඩාංගණ තුළ වාහන ගාල් කිරීම හා සංගීත සංදර්ශන පැවැත්වීම සම්බන්ධව ඉදිරියේදී දැඩි ප්‍රතිපත්තිමය තීන්දුවලට එළැඹීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වන බවත් ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඇති පොදු සම්පත් රැකදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී සැකසීමට බලාපොරොත්තුවන බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි දිණිමිණ වාර්ථා කර තිබුණිIMG-20201002-WA0018

“ක්‍රීඩාංගණවල වේදිකා ගහන්න දෙන්න එපා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවර්ධනය කරන ක්‍රීඩා පිටි වේදිකා ගහලා සංදර්ශන පැවැත්වුවාම යළිත් පරණ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා දේශපාලන අධිකාරියෙන්, විදුහල්පතිවරුන්ගෙන් හා මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ සම්පත් රැක ගැනීමට අවධානය යොමු කරන ලෙසයි” ක්‍රීඩා ඇමැතිවරයා එලෙස ඉල්ලීමක් කර ඇති බවද වැඩිදුරටත් ඒ පුවතේ සදහන්ය