සංවරව සිදුකරන ලද තක්කඩි සාකච්චාවක්! මොට්ට උත්තර දිමක්!

0
58
( 10.30 am ) අසෝක ඩයස් සහ පා.ම. නජිත් ඉන්දිකගේ සුහද කතාබහ (ලින්ක් එක පහලින්)-
සංවරව සිදුකරන ලද තක්කඩි සාකච්චාවක්! මොට්ට උත්තර දිමක්!

එහෙම කියන්නට සිතුවත්… වේට් අ මිනිට්.. නජිත් ඉන්දිකගේ වයස කීයද?

නජිත් ඉපදෙන්නෙ 1988 ඒ කියන්නෙ නජිත්ගේ දෙමව්පියෝ 87-90 රාජ්යය ත්රස්තවාදයේ භීතියට නතුවෙන කාලේ. නජිත්ට සාමාන්ය දේශපාලන අවබෝධයක් ලැබෙන කාලෙ වෙනකම් ඒ කියන්නේ 2003-04 වගේ වෙන තෙක් නජිත් ගේ ජීවිතය ගෙවෙන්නෙ චන්ද්රිකාගෙ ආණ්ඩුව කාලේ. ඒ කියන්නෙ ජවිපෙ චන්ද්රිකාගෙ ආණ්ඩුවේ ඇමතිකම් ගත්ත කාලෙ. ඉන් පස්සෙ නජිත්ගෙ ගැටවර විය පටන් ගන්නෙ යුද විජයග්රහණයත් එක්කම. විශේෂයෙන්ම සෝමවංශලා අනුරලා බර අවි වලින් දෙමළ මිනිස්සුන්ට ගහන්න ඕනෙ කියල ආණ්ඩුවට උපදෙස් දුන්න කාලෙ. ඉන් පස්සෙ නජිත් අන්තරේ කැඳවුම්කරු වෙන්නෙ කුමාර් ගුණරත්නම් ජවිපෙන් 2012 කැඩිලා අන්තරේ බලය පෙසපෙ සතුවෙලා තිබුණු 2014-2015 කාලේ.

කරුණු දෙකක්.

1. මේ සාකච්චාවෙ නජිත් කියන සහ අසෝක ඩයස් සභා සම්මත කරන එක දෙයක් තමා මේ මාලිමා ආණ්ඩුව මේ මොහොතේ සිදුකරන්නේ මරා දැමූ හැට දහසක් බලාපොරොතු වෙච්ච දේ කියලා. මුලින්ම කියන්න තියෙන්නේ අනේ පිං සිද්දවේවි ඒ මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියලා. ඔව් ඒ පරපුර රාජ්ය බලය (ආණ්ඩු බලය නෙමේ) උදෙසා සටන් කළා තමා. ඒත් ඒ මාක්ස්-ලෙනින් වාදය මත පදනම් වූ සමාජවාදී රාජ්ය ක්රමයක් වෙනුවෙන්. නායකයින්ගේ භාවිතාව කුමන් වුවත් මාර දැමුණු බහුතරයක් තුළ තිබුණෙ ඒ සුන්දර අරමුණ. ගත්ත ක්රියා මාර්ග හරි හෝ වැරදි හෝ ඒ සඳහා වූ අතිමහත් බලාපොරොත්තුවක් ඒ අයට තිබුණා. ඒ වෙනුවෙන් සටන් කළා. ඒක මේ ධනේශවරයට ගැට ගහන, අයි.එම්.එෆ්. සෙක්කුව වටේ දුවන, දේශපාලන පත්වීම් සිදුකරන, හැරෙන හැරෙන පැත්තට සිදුකරන බෞද්ධ සංගම් වැඩ නෙමේ ඊට වඩා උසස් සමාජ ක්රමයක්. සමාජවාදය කෙසේ වෙතත් වර්තමාන “අනුරාහරිනිවාදයට” අඩුමගානෙ “විජේවීරවාදය” (මම දේශපාලනිකව මේවන විට ප්රතික්ශේප කළත්) වත් නැහැ.

2. දැනට පාර්ලමේන්තු මන්ත්රී සහ වෙනත් ගරු නිලතල සහිත (මම හිතන්නෙ ජනාධිපති උපදේශකත් ද කොහෙද) නජිත් දරුවා අඟවනවා එයාලට බහුතර කැමැත්ත ලැබුණේ (එයා තාම දන්නෙ නැහැ එයාලට මේ ලැබුණෙ අනෙත් පක්ෂ සදහා වූ බහුතර අකමැත්ත කියලා – කැමැත්ත දිනා ගැනීමේ ක්රියාවලිය කෙළවා නොගැනීම එයාලා සතුයි) මරා දාපු අයට යුක්තිය ඉටුකිරීම සහ එයට දායක වූ අයට දඬුවම් දීමට කටයුතු කරණ තාක්ෂණික දේවල් කරන්න නෙමේ කියලා (අංක එක නෙමෙ කියලා)

නජිත්ගෙ පරපුරට මෙහෙම හිතෙන එක වරදකුත් නැහැ මම ඉහතින් සඳහන් කළ නජිත්ගේ වයස ගැන කළ විමසුම දිහා බලද්දි (ඒත් හොඳ දේශපාලන අවබෝධයක් සහිත ඒ වයසේ බුද්ධිමත් තරුණයින් ගේ ව්යතිරේකයක්ද තියෙනවා). නජිත් ලාට “අත් විඳපු” අවබෝධයක් නැහැ 87-90 ම්ලේච්ච ඝාතන ගැන. ඒ වගේම නජිත්ලාට යුද විජයග්රහණය කාලයේ දිනපතා පත්තර වලින් රූපවාහිනී චැනල් වලින් ලැබුණේ මනුෂ්ය ඝාතනයන් සාමාන්යකරණය කළ ඒවායින් උද්දාමයට පත් කරන අදහස්. ඉන් කෙළවර තමා ලංකාවේ මිනිස්සු පක්ෂයකට අධික දෙමළ ජනතාවක් රාජ්ය ත්රස්තවාදයට ගොදුරුව සිටියත් රතිඤ්ඤා පත්තුකරලා කිරිබත් කාලා පාරවල් පුරා නටන්නෙ. නජීත් පවා එතනින් වියුක්තවීමට ඉඩක් තිබුණානම් ඒන හරිම අඩුයි. ඒක නිසා නජිත් වැනි බාලයෙකුට මනුෂ්ය ජීවිතයක වටිනාකම (දොස්තර කෙනෙක් නම් තමා) සහ ඒ ඝාතන වලට යුක්තිය ඉටුකර ගැනීමේ සහ චූදිතයින්ට දඬුවම් දී සමාජ සාධාරනත්වය නැති වීම අරුමයක් නෙමේ. මෙයාලගේ ස්වභාවය “මැරිච්ච එවුන් මළා. අතීතය පස්සේ ගිහින් වැඩක් තියෙනවද?” කියන තක්කඩි අදහස තමා.

මේ අවබෝධය තමා අඩුවැඩි වශයෙන් 93න් පස්සෙ ගොඩනැඟුණු ජවිපටෙ සහ වර්තමාන “අනුරාහරිනිවාදය”ට තියෙන්නෙත්. ඒත් ඒ දවස්වල වධ කඳවුරුවල දසවධ විඳ ඉතුරුවෙලා වර්තමානයේත් ජීවත්වන එහෙමත් නැත්තනම් ඒ යුගයේ පොඩි හෝ ජවිපෙ ඒ කැරැල්ලට හිතවත්ව සිට දිවි බේරාගත් කිසිවෙක් සිටීනම් නජිත්ගේ ප්රකාශයේ අශිෂ්ට බව සිහිපත් කළ යුතුව ඇත. දිය හැකි උපරිමයෙන් දස වධ දී, දූෂණය කර, අතපය කපා දමා එහෙම කපපු අවයව පිඟන්වලට දමා කන්න දීලා ඇස් කන් නාසා උගුල්ලලා, පාරක් පාරක් ගානේ ටයර් මත පුච්චලා ගංගාවල පා කරළා විනාශ කළේ වඩා හොඳ සමාජ ක්රමයක් සදහා බලාපොරොත්තු සහගත වූ යෞවනයයි. නියකත්වය ගත හැකි බුද්ධිමත් පරපුරයි. ත්රිමාලා වෙනුරලා සිය වෛද්ය වෘත්තිය ම හැර අරගල කළේ (ඔවුහු වෛද්ය වෘත්තිය අතහැර බලලෝභී දේශපාලනයක් සිදුකළේ නැත) බොහෝ විට තමන්ගේ මරණය සිදුවන බැව දැන දැනය. එවන් හැටදහස් එකල්හී ත්රස්තවාදී යූඑන්පී ආණ්ඩුවේ නිල සහ නිල නොවන මිලිටරිය විසින් ඝාතනය කරන ලදි. තවත් දහස් ගණනක් වධකඳවුරු වල වද විඳ අමානුෂිත මතකයන් සහිතව නිදහස් වුණා.

නජිත්ලා සැහැල්ලුවෙන් නොසළකා හරින්නේ අප බොහෝ සේ ගෞරවයෙන් හිස නමා අචාර කරන ඒ අතීතයයි. මරා දැමූ සියල්ලන්ට සහ ඔවුන්ගේ පවුල්වෙත යුක්තිය ඉටුවිය යුතුයැයි මොරදෙන, මරා දැමූ ජීවිතවල වටිනාකම දන්නා ඔවුන්ට ආදරය කළ ඔවුන් හා උරෙනුරගැටී සටන් කළ සහෘදයින්ගේ ආත්මයයි.

අසෝක ඩයස් සහ නජිත්ගේ සුහද කතාබහ:
https://www.youtube.com/watch?v=CQSKOju1tW8
————————————–
.
.
ඡායරූපය: අන්තර්ජාලයෙන් (අයිතිකරු නොදනී).

1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බළමණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කල මොරටුව විශ්වවිද්යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොලඹ වෛද්ය විද්යාලයේ වෙනුර එදිරිසිංහයි.

එක් කොනෙක දන නමා හඬමින් සිටිනා අයෙක් ඔබට මෙහි දැකබලාගත හැක..
ඒ අන් කිසිවෙකුත් නොව එම වසරේම ඔක්තෝබර් 22 වනදා හිසට පරාල ඇන ගසා පුලුස්සා ඝාතනය කල පත්මසිරි ත්රිමාවිතාන නම් වූ රාගම වෛද්ය සිසු සටනේ නියමුවානන් ය.

ඡායාරූපයේ කතාව:
https://www.facebook.com/profile/100011162195762/search/…

See less
( මහේෂ් මුණසිංහගේ ෆේස්බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here