සංවිධායකගේ වරදින් සජිත්ගේ ඡන්ද සටන මීගමුවේදි අර්බුදයක !

0
70

Ranil sajithඑජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ ජනපති අපේක්ෂක සටන රටපුරා උද්යෝගිමත්ව පෙරට එමින් තිබියදි මීගමුවේදි එය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබේ.
එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ මීගමුවට පත්කරන ලද පැරිෂුට් සංවිධායකවරයාය.
අද ඔහුට තමන්ගේ කළමණාකරුව පවා පාලනය කර ගත නොහැකි විම යථාර්ථයක් වෙමින් තිබේ.
ඊයේ මිගමුව එජාප කාර්යාලයේදි පැවැති රැස්විමේදි  සජිත්ගේ ජනපති සටනට මිගමුවේදි මුලපුරන අයුරු ගැන කරන ලද සාකච්ජාව අන්තිම දියාරු මට්ටමක පැවතුන බවත් ඒයට අදාලව වගකිම් බෙදාගැනිමේදි  සංවිධායකයාගේ දුර්වලකම පැහැදිලි ඉස්මතුව පෙනුනේ මිගමුවේ හිටපු සංවිධායක රොයිස් විජිත් කටයුතු කළ ආකාරය සියළු දෙනවාම දන්වා නිසා බව අප ඇමතු ප්‍රබල එජාප  ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේය.
කාවින්ද යනු මිගමුවේ 24 පැය දේශපාලනයේ නියැලෙන පුද්ගලයෙකු නොවේ. ඒ නිසාම ඔහු මිගමුවට මෙන්ම පාක්ෂිකයාටද ආගන්තුකය. sajith
රොයිස් විජිත එසේ නොවුයේ ඔහු පැය 24 ම මිගමුවේ පාක්ෂිකයා හා සම්බන්ධ වෙමින් ආසනය සංවිධානය කළ නිසා බව නම හෙළිකිරිමට අකමැති වු එජාප නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේය.
එබැවින් ගෝඨාට එරෙහිව පැහැදිලි ජයක් රටපුරාම සජිත් වටා පෙළගැසෙමින් තිබියදි මීගමුව තවමත් ඇත්තේ අර්බුදයකය.