සංස්කෘතික ජිවිතයක් නැති දේශපාලකයන්ගේ සහ නිළධාරින්ගේ පාක් සංකල්පය ?

0
163

Rajapaksha park 1

 මීගමුව වේගයෙන් සංවර්ධනය වන නගරයකි.ජනතාවට සිය විවේකය ගතිකිරිමට ඇති පුද්ගලික භුමි අයිතින්ගේ සිමාවන් නිසාම වැඩි වැඩියෙන් පොදු විවේකස්ථාන වැඩිකිරිම අත්‍යවශ්‍ය කටයුත්තක්ව පවති.මේ අරභයා මීගමුව මහ නගර සභාව විසින් මේ ඉඩ ප්‍රස්ථා වැඩිකිරිම ඉලක්ක කර ගත් වැඩ පිළිවෙලක් විධිමත් ලෙසින් ආරම්භ කිරිමේ බරපතල අවශ්‍යතාවක් පවති.

එහෙත් අද මීගමුව මහ නගර සභාව විසින් ඇත්තටම කර ඇත්තේ කුමක්ද…???

 රාජපක්ෂ උද්‍යානයේ ඉතිහාසය

වර්ෂ 1922 සිට අවුරුදු 12ක් කාලයක් මීගමුව මහ නගර සභාපති ලෙස කටයුතු කර ඇති  ඒ.. රාජපක්ෂ මුදලිදුතුමාගේ පෞද්ගලික උද්‍යානයක් වූ අක්කර 7  කට ආසන්න භූමි භාගය මීගමුවේ ජනයා හට සිය විවේක කාලය නිදහසේ ගත කරන්නට නොමිලේ ලබා දුන්නේය.එතුමා ලබාදුන් ඔප්පුවෙහි   කිසිදු මුදලක් නොගෙවා මෙම උද්‍යානය භාවිතා කිරීමට මීපුර  වැසියාට හිමිවිය යුතු බව සදහන්ය.1941 ඔක්තොම්බර් මස 18  දින එවකට අග්‍රාඅණ්ඩුකාරව කටයුතු කල සර් .ඇන්ඩෘ කොල්ඩ් කොට් මහතා විසින් මෙය පළමුවරට විවෘත කරන ලදි.

මුදළිදු රාජපක්ෂ විසින් උද්‍යානය මීගමුව ජනතාවට ලබා දි තිබුණි.
මුදළිදු රාජපක්ෂ විසින් උද්‍යානය මීගමුව ජනතාවට ලබා දි තිබුණි.

රාජපක්ෂ මුදළිදු

උද්‍යානය ලාංසා පාලනයට නතු වෙයි 

රාජපක්ෂ මුදලිදු තුමා කොන්දේසි සහිතව ලබාදුන් මෙම උද්‍යානයට සංවර්ධනයට හෝ  අත නොතැබීමට මෑතක් වනතුරු කිසිදු පාලකයෙකු කටයුතු කලේ නැත.නමුත් රාජපක්ෂ මුදලිදු තුමාගේ ඒ අහිංසක බලාපොරොත්තු සුන්වී යන්නේ 2006 වර්ෂයේදි මීගමුව නගරාධිපතිව සිටි ඇන්ටනි නිමල් ලාංසා පාලන කාලයේදීය.

2007 සැප්තැම්බර් මස 26 දින මීගමුව නගර සභාව විසින් රාජපක්ෂ උද්‍යනය සංවර්ධනය කිරිමට අදහස් කර තිබුනි.එම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජල උද්‍යාන,අයිස් ක්‍රීඩා උද්‍යානළමා උද්‍යාන හා පරිගණක මධ්‍යස්ථාන,බෝට්ටු සවාරි සැලැසුම් තිබුනි.

රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම
රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම

2007 වසරේදි    නිමල් ලාන්සා හිටපු නගරාධිපති තුමා විසින් මුදලිදු තුමා පරිත්‍යාග කල   මුල්  ඉඩමේ   ඔප්පුව වෙනුවට ප්‍රකාශන ඔප්පුවක් සාදා අවුරුදු 30 කට උද්‍යානය තින් පාක් එන්ටර්ටෙන්මන්ට් නම් වු   සමාගමකට බදුදෙන ලදි.    (  මෙම සමාගම තිබෙන ලිපිනයක්වත් සොයගැනීමට නොහැක ). බදු ඔප්පුව පරිදි මාසිකව ලක්ෂ 05  බැගින් අවුරුදු 30 එම ආයතනය විසින් ටෙන්ඩරය මිලිදි ගෙන තිබුනි.  මෙය එහෙම් පිටින්ම පුරවැසි කේන්ද්‍රීය සංවර්ධනයේන් පිටපැන කොම්පැනි ආදායම හා අන් ලැබෙන වරප්‍රසාද කෙන්ද්‍රකොටගෙන ඇති බව ඉතා පැහැදිලිය. මෙය සංවර්ධනය කිරීමෙන් පසුව එහි ඇතුල්වීම සදහා එක් අයෙකුගෙන් අයකිරීම ගිය මුදල් රු1320 ක් ලෙස වාර්ථා වී තිබුනි. ( තොරතුරු මීපුර පුවත්පත 2007 අගෝස්තු කලාපය )    මීට අමතරව උද්‍යානයේ සංස්කෘතික නිදහස නැති වන්නේද මේ සමයේදීය. ඩයිනෝ පාර්ක් නමින්  වෙස් වලාගෙන ස්භාවික වෘක්ෂලතා කාපා ඉවත් කරමින් මෙම උද්භිත උද්‍යානය කොන්ක්‍රීට් මඩුවක් කර තිබිනි.
කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය එහෙම පිටින්ම අසාර්ථක එකක් විය.මේ නිසා නගර සභාවට දැවැන්ත පාඩුවක් විදින්නට සිදුවුවා පමණක් නොව මේ  උද්‍යානයට භෞතික වශයෙන් සිදුව තිබුණ පාඩුවටද අතිවිශාල විය.
මේ වෙනුවෙන් කැපුණු ගස් ප්‍රමාණයම මිට කදිම නිදසුන්ය.
දානපතියෙකුත් ලැබුන පරිත්‍යාගයක් දශක 5 ක් තිස්සේ විවිධ ආණ්ඩු විසින් රැකගත්තද  සල්ලි හම්බකිරිම පමණක් නගර පාලනය යැයි සිතු ලංසා පවුලේ පාලනය යටතේ මීගමුව රාජපක්ෂ උද්‍යානය එහෙම පිටින්ම විනාශ මුඛයට ඇදගෙන ගියා පමණක් නොව රාජපක්ෂ උද්‍යානයේ නාමය පවා වෙනස් කරමින් එය ඩයිනෝ පාක් යැයි කියන්නට තරම් දුරට ගිය  නිමල් ලංසාලාගේ මුදලට ඇති කෑදරකම රෙදි උනා දමමින්ම රටටත් ලොකයාටත් පෙන්වා දි තිබුණි.

.දශක ගණනාවක් පුරා මීගමුව ජනතාවගේ පරිහරණය සදහා තිබුණු එකම උද්‍යානය මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්යේ අකාර්යක්ෂම පාලනයේ ප්‍රතිඵලයක් ලෙසින් වසා දැමුණේ 2009 ජුලි මස 16 වෙනිදාය.
ඉන් පසුව එය යළිත් විවෘත කෙරුණේ 2015 දිය.

ලංසාට දෙවෙනි නොවු සුගත් කුමාර

මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාරටද එක් කාලකණ්නි අසාවක් තිබුණි. එනම් තමන්ගේ කොමසාරිස් පාලනය තුලදි වියදම් අඩුකොට ආදායම් වැඩිකලේයැයි පෙන්වා ලිමය.
ඒ සදහා මීගමුව රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුවේ අයකිරිම රු 1000  රු 2000 කටත් වඩා වැඩිකිරිමෙන් ලංසාගේම හෙවැනැල්ල සුගත් කුමාර මතටද අගේට වැටි ඇති අයුරු ලෝකයාටම පෙන්වා දි තිබුණි.
රාජපක්ෂ මුදලිදු විසින් කිසිදු මුදලක් අයකරන්නේ නැතිව පාක් එක මිගමුවේ ජනයාට ලබා දෙන්නට යැයි කිවිට විවාහපත්වු යුවලක් පැමිණි සිය ජිවිතයේ සොදුරුතම මොහොත ඡායාරුපයට නගද්දි දැන් රාජපක්ෂ උද්‍යානයේ පාලකයෝ එයටත් රු 2000 ක් අයකරති.
උද්‍යානයක සිරිය රැදෙන්නේ එහි වන සුවිසල් තුරුලතාද සමගිනි.
ටයි එකක් පැලද යුරෝපිය ඇදුම් ඇගලා ගත් ජිවිතය සංස්කෘතික එකක් නොවන බව ලංසලලා මෙන්ම සුගත් කුමාරලාද දැන් අගේට ඔප්පු කර තිබේ..
උද්‍යානයේ පැවැති අසිරිමත් ඔසු උයන ඔහේ මැරෙන්නට අරින්නේ සුගත් කුමාරලාගේ ගැමි උද්දච්ච කම නිසාමය.එබැවින් එවන් ගැමියන්ව යැවිය යුතුව ඇත්තේ පොලොන්නරුවටමය.
මීගමුව අළුතින් ගොඩනැගිම නම් එවන් නගරයකට සැබැවට ආදරය කර රාජ්‍ය නිලධාරින් අළුතින් පත්කර ගත යුතුව තිබේ.DSC_0761
රාජපක්ෂ උද්‍යානයේ තිබුණු සුවිසල් ගස් කිපයක්ම පසුගිය කාලය තුල මාරුවෙන් මාරුවට කපා දැමෙන්නේ සංස්කෘතික ජිවිතයක් නැති ටයි කෝට් මහත්තරුන්ගේ අතිනි.
ඉතින් මේ මජර පාලනය දැන්වත් නිමකළ යුතුව තිබේ.
මීගමුවේ රාජපක්ෂ උද්‍යානය ඇතුළු පාක් කිපය රැකගැනිම සහ ප්‍රවර්ධනය කිරිම සදහා නිසි වැඩපිළිවෙලවල් ගොඩනැගිය යුතුව තිබේ.

 

 

 

.