සංහිදියාව පිළිබද බලාපොරොත්තු දල්වමින් ජාතික ගීය දමිළ බසින් ගැයේ !

0
1072
??????????

දෙවන සංස්කරණය -ශ්‍රී ලංකාවේ පැවති වසර 30 ක යුද්ධය   අවසන් කළ පසු සංහිදියාව පිණිස ක්‍රියාත්මක වූ  උගත් පාඩම් පිළිිබඳ කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශ අතර ජාතික ගීය  දමිළ භාෂාවෙන්  ගායන කිරීමත් යෝජනා කර තිබුණි.  එමෙන්ම මේ පිළබඳව පසුගිය කාලයේද රටේ යම් කතා සාකච්ඡාවක් ඇති වුවද   මේ සම්බන්ධයෙන් වර්තමාන රජය තුළ  එකගතාවයක් නොතිබුණ පසුබිමක් විය.

මේ රටේ ජාතික සංහිදියාව ගැන දහසක් බලාපොරොත්තු දල්වා සිටියවුන්ගේ තවත් අවුලට පත්කරමින් නිදහස් උළෙලේ ආරම්භය සනිටුහන් යුයේ ජාතික ගීය සිංහල බසින් පමණක් ගැයිමෙනි.
එහෙත්   මෙම උත්සවය සිංහළ ආධිපත්‍යයෙන් මුදවා ගනිමින් ජාතික ගීය දමිළ බසින් ගායනා කරමින් නිදහස් උළෙල සමාප්තවිම සංහිදියාව පිළිබදව රටතුල අලුත් බලාපොරොත්තුවක් ජනිත කොට තිබේ.

??????????
??????????