සංහිඳියාවේ අවුුරුදු උත්සවය මීගමුවේ කතෝලික පියතුමන්ලාට මගඇරුනේ ඇයි ?

0
121

peace 1පසුගිය සෙනසුරාදා දාන එනම් අප්‍රේල් මස 22වන දා මීගමුවෙදී සංහිදියාවේ පාඩම් කියාදෙන අපූරු අලුත් අවුරුදු උත්සවයක් පවත්වා තිබිණි.

මීගමුව කොටුව ක්‍රීඩංගනයේදී පැවැති මෙම අලුත් අවුරුදු උත්වසය මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,සෙත් සරණ ආයතය හා කොළඹ කරිටාස් ආයතනය මගින් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට සියළුම ආගමික නායකයන්,ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ නිලධාරීන්,සෙත්සරන හා කරිටාස් ආයතනයේ පිරිස් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීක්ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

සියළුම ආගම් වල සිසුන් මෙම අවුරුදු උත්සවයේදී තරවලට සහභාගී වූ අතර කලා දක්ෂතාවයන් ඇති සිසුන්ට තමන්ගේ දක්ෂතාවයන් එලි දැක්වීමට අවස්ථාවන්ද මෙහිදී හිමිවී තිබිණි.
එහෙත් මෙහි කැපි පෙනුන එක් පැහැදිලි අවුලක් තිබුණි.
එනම් අනෙකුත් ආගම් නියෝජනය කරමින් සියළු ආගමික නායකයන් පැමිණ සිටියදි කිසිදු කතෝලික පියතුමෙකු මේ අවස්ථාවට සහභාගිව නොසිටිමයි.
මෙය සංවිධානය කර තිබුනේද කතෝලික ආයතනයක් වන සෙත්සරණ විසිනි.

Save