සකා සමඟින් කපිලත් යයි ද ?

0
56

kapiala picමීගමුව දේශපාලන ක්ෂේත්‍රය මේ දිනවල වඩාත් උණුසුම්ම කථා බහ නිර්මාණය කර තිබුනේ ඊයේ දිනයේ ඇතිවු සාකාවුල්ලා මන්ත්‍රිවරයාගේ පිල් මාරුවයි.
යහපාලනයේ ඇමතිධුර දරමින් ආණ්ඩුවෙන් පඩි ගෙවා නඩත්තු කරනු ලබන ලංසාගේ බහුතරයක් නිළධාරින් එලිපිටම කටයුතු  කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව වෙනුවෙනි.
ඇමති ලංසාගේ පුද්ගලික ලේකම් දායන් ලංසා මෙයට ඇති කදිම උදාහරණයයි.
මේ සියල්ල එසේ  තිබියදි සිය සොහොයුරාට නගරාධිපතිධුරය ලබාදිම සදහා මේ දිනවල දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේ.
මේ කුමන්ත්‍රණවලට එලිපිටම අති ප්‍රබල අභියෝගයක් එල්ල කළ පළාත් සභා මන්ත්‍රි සාකාවුල්ලාගේ පිල් මාරුව මේ වන විට පොහොට්ටුව තුල විශාල දෙදරිමකට මුලපුරා තිබේ.
ලංසාගේ නොමනා හැසිරිම් නිසා පොහොට්ටුව අතහැර යාමට සකාවුල්ලා කටයුතු කිරිම නිසා ඉන් කිපුන මහින්ද රාජපක්ෂ සරත් ගුණරත්නට මෙන්ම ප්‍රසන්ත රණතුංගට ලුණු ඇඹුල් ඇතිව කියා ඇතැයිද වාර්ථා වේ.
දැන් තවත් දේශපාලන කථාබහක් කරලියට පැමිණෙමින් තිබේ.
එනම් සකාවුල්ලාගේ කිට්ටුවන්තම දේශපාලන සගයා වන කපිල නන්දසුලෝචන ඉදිරියේදි කරන්නට යන්නේ කුමක්ද යන්නයි.
මේ ගැන අප කළ විමසුකටම පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමන් දැනට 5 වතාවක් නගර සභාව තරග කර දිනු මන්ත්‍රිවරයෙකු වන අතර 6වෙනි වරටත් තරග කොට පොහොට්ටුවේ පෙරියමුල්ල නියෝජිතයා ලෙසින් සිය ජනතා මෙහෙවර තවදුරටත් ඉටුකරන බවය.

Save