සජිත්ගේ රැස්විමට යන්න එජාප මන්ත්‍රීලාට දයාන් ලංසාගෙන් වාහන ?

0
95

kali 2( දෙවණ සංස්කරණය ) මිගමුව මහනගර සභාවේ ඇත්තේ එජාප ,පොහොට්ටු හවුල් පාලනයක් යැයි අප නිරන්තරයෙන්ම කරන හෙළිදරව්ව අදත් සනාථ වි තිබේ.ඒ අත්තනගල්ලේ අද සවස රාජකරුණාගේ නිවසේ පැවැති සජිත් ප්‍රේමදාසගේ රැස්විමකට යාම සදහා මිගමුව මහනගර සභාවේ නගරාධිපති දයාන් ලංසා විසින් මහනගර සභාවේ වාහනයක් ලබාදීමට කටයුතු කර තිබිම හේතුවෙනි.එජාප නාගරික මන්ත්‍රීන් වන කැලිසන් ජයකොඩි,නිව්මන්, යන අය මේ ගමනට එක්ව තිබේ.නාගරික ලේකම්වරිය විසින් භාවිතා කරන කොලපාට කැබ්රථය මේ ගමන සදහා යොදාගෙන ඇති අතර එහි රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ ඉසුරු නැමැත්තෙකි.මිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සභාවේ නිල රථයද භාවිතා කරන අතරේ ඇගේ පුද්ගලික වාහනය සදහා මහජන බදුමුදල් රු ලක්ෂ 9 ක් වැය කරමින් සිටි.මේ මහජන බදුමුදල් නාස්තිය ගැන කැලිසන් ජයකොඩිලාට ප්‍රශ්ණ කිරිමට නොහැකිව ඇත්තේ කැලිසන්ලාගේ කලිසම් ගැලවෙන වැඩ රාශියක් ඒ අය විසින් කර ඇති බැවිනි.එජාප පොහොට්ටු දීගය නිසා මහජන බදුමුදල් දැන් උපරිමයෙන් අවභාවිතාවේ යෙදවෙමින් තිබේ.ගම්පහ ජවසම්පන්න තරුණ නායකයා යැයි ලේබල් ගසාගෙන සිටින කාවින්ද ජයවර්ධන සංවිධායකවරයා මේ ගැන කියන්නේ කුමක්ද ?ලංසාලාගේ පවුල් දේශපාලනය පරාජය කොට කොට්ටාශ 29 න් 19ක් ජයගැනිමට උරදුන් එජාප පාක්ෂිකයා මේ එජාප මන්ත්‍රීලාගේ ලැජ්ජානැති දේශපාලනය ගැන නිසිකල නිසි ප්‍රතිචාර දක්වනු නියතය.