සජිත්ට කළ ගුණ සැලකීමට නාත්තන්ඩියෙන් නුවරට බස් දෙකක්

0
63

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට  ඉවත්කිරීමට බලකරමින්  ඔක්තෝම්බර්   05 වනදා  නුවරදී පැවත්වීමට නියමිත  පා ගමන සඳහා  පාක්ෂිකයන්  පිරිසක් සංවිධානය වෙමින් සිටින බව නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ සඳහා සහභාගී වන අයට දැනුම්දිම සදහා පණිවිඩ දැනටමත් යවා ඇත.
පසුගිය  වයඹ පලාත් සභා මැතිවරණය අවස්ථාවේදී පුත්තලම් දිස්ත්‍රික්කය තුළ නාත්තන්ඩිය ආසනය දිනවීමට සහය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් කිපදෙනෙකුට  සහයෝගය ලබාදෙන ලදී.  මේ වැඩපිළිවෙලේ යටතේ එළිපිටම රනිල් විරෝධි අපෙක්ෂකයෙකු ලෙස කටයුතු කළේ ප්‍රියන්ත අශෝකය.
වාර්තා වූ පරිදි නාත්තන්ඩිය ප්‍රා.සභාවේ  විපක්ෂනායක  ප්‍රියන්ත අශෝක ට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාස මහතා විසින් රෙකෝඩ් කරන ලද හඬ පටයක්ද  දුරකථන මාර්ගයෙන් නාත්තන්ඩිය ආසනයේ ජනතාව වෙත යවා ඇත .
ඊට කෘතගුණ සැලකීම වෙනුවෙන්   අශෝක ප්‍රියන්ත   සිය  මැතිවරණ  ව්‍යාපාරය තුළදී  ජනතාව අතර රනිල් විරොධී මතයක් ගෙන යන ලදී. එමෙන්ම ජන්දදායකයන් හට ඔහු  පවසා ” තිබුණේ මට තනි  මනාපයක් දෙන්න, මට දෙන්නේ නැත්නම්  ,  සරත් ෆොන්සේකාගේ පක්ෂයට ජන්දය දෙන්න ” කියායි.  කෙසේ වුවත් දැන්  අශෝක ප්‍රියන්තට  සජිත් ප්‍රේමදාස මහතාට කළගුණ සැලකීමේ අවස්ථාව පැමිණ ඇති බව ප්‍රදේශයේ  යූඑන්පී පාක්ෂිකයෝ පවසති.
නාත්නණ්ඩියෙන් පිටත්වන බස්රථයට අප්‍රිසිද්ධියේ සමාජිකයන් එකතු කරමින් සිටින  සජිත්ගේ ප්‍රේමදාසගේ මන්ත්‍රි ගෝලයන් ගැන ද අපට වාර්ථා වේ.
577323_10151856815840186_475051822_n