සජිත් තම ජොකියන්ගේ සහයට මීගමුවට ඇවිත්?

0
83

කිතුණු මගට සවියක් නමින් වු සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක ව්‍යපෘතියක් නොවැ 2 සහ 3 යන දිනවලදි මීගමුවේ දේවස්ථාන 2 කක් මුල්කොටගෙන ක්‍රියාත්මක විය.
මේ කටයුත්ත සංවිධානය කිරිමට තමන් විසින් පවරා තිබුනේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි නිතිඥ රෝස් ප්‍රනාන්දු මහත්මියට බව මේ උත්සව සභාවේදි සජිත් ප්‍රේමදාස මහතා විසින් පවසා තිබුණි.
වයඹ පළාත් සභා මැතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ පිළේ සිටින ක්‍රියාකාරින් වෙනුවෙන්ම වු විශේෂ මැතිවරණය ප්‍රචාරක වැඩසටහනක් ගෙන ගිය බවට චෝදනා එල්ලවිය.
පුත්තලම් දිස්ත්‍රික්කය සදහා හෙක්ටර් අප්පුහාමි සහ අශෝක ප්‍රියන්ත යන අය මෙසේ විශේෂ සහයට ලක්වුවන් විය.එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේද මෙය ක්‍රියාත්මක විය.
කිතුණු සවියට මගක් මෙවර මීගමුවට එන්නේ තමන්ගේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජොකියන්ව ලකුණු කිරිමට යැයි නම සදහන් නොකළ එජාප මන්ත්‍රිවරයෙක් මීපුරට පවසා සිටියේය.
ජායා- එම්.ඉසෙඩ් සාජාන්sajith 2