සජිත් තේරුම් නොගත් දේශපාලන පාඩම !

0
411

Ranil sajith
රණසිංහ ප්‍රේමදාස පියානෝ ලාංකීය සමාජයේ නොවිසඳුණු වැඩවසම් ලක්ෂණයන් තේරුම්ගෙන එයින් පීඩාවට පත්වූ ජනතාවගේ හෘදයාංගම නායකයා වෙමින් සමාජයේ පහලම තීරුවේ දැවැන්ත ජනබලයක් ගොඩනගාගෙන තිබුනා ! එතුමා නිර්ලෝභීව එම බලය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙනුත් ජේ.ආර්. ජයවර්ධන නායකයා වෙනුවෙනුත් ආයෝජනය කලා…එහි අග්‍ර ඵලය ලෙස ජේ.ආර්.5/6ක ජනබලයක් සහිතව රටේ බලය ගත්තා !…( ඒ බලය යොදා J.R.කරපු වැඩ හරිද වැරදිද වෙනම කතාවක් ) රණසිංහ ප්‍රේමදාස අගමැති ලෙස පත්කර ගත්තේ ජේ.ආර්. ! UNP යේ හැටි එහෙම තමයි ! නමුත් මට හොඳට මතකයි සම්ප්‍රදායික පාහර ජනමාධ්‍ය එදා ඒක වාර්තා කලේ ,…”.ප්‍රේමදාස අගමැති ඌ වගයි “..කියලා කිංඩියට !..නමුත් ඔහු තමාගේ තනතුර භාවිතා කර තමා නියෝජනය කල ජනතාවට උපරිම සේවය කලා ! සමහරුන්ට එතුමා කල දේවල් තේරුනේ නෑ , විහිලුවට ගත්තා…උදා : සමහර ගම්වල සම්ප්‍රදායික නම වෙනස් කරලා අපූරු නම් තිව්වා ඒවා ගැසට් කලා, ඒකාලෙ මටත් තේරුනේ නෑ ….පසුව තමයි එහි වැදගත්කම දැනගත්තේ…!
දකුණේ පීඩිතයින් ගේ කැරැල්ලේත් උතුරේ පීඩිතයින්ගේ කැරැල්ලේත් යම් විශ්වාසනීය නායකයෙක් බවට ඔහු පත් උනේ අහම්බයකින් නොවෙයි ! ජවිපෙ වෙනුවෙන් ස්මාරකයක් හැදුවානම් ඒ ඔහු පමණයි ! ඒ කතරගම ප්‍රේමවතී මනම්පේරි වෙනුවෙන් !…88/89 කාලයේ ජවිපෙ පෝස්ටර් ගැහුවේ අගමැති තුමනි රට බාරගන්න ! ජේ.ආර්. ද්‍රෝහියා මරමු ! වගේ වගන්ති දාලා..ඉංදියන් වඳුරු හමුදාව වහාම රටින් පිටවෙයව් කියලා දකුණේ කැරලි කරුවන් කියනවිට LTTE එක හිටියෙත් විදේශීය හමුදා ඉවත්වෙනු ! කියන තැන ! ප්‍රේමදාස දෙගොල්ලොන්ටම උදවුකලා ඒකයි සත්‍ය !…ජනාධිපති මැතිවරණයට ප්‍රේමදාස ඉදිරිපත් උනේ පක්ෂය ඇතුලේ ලොකු හර්තාලයක් කරලා ඒ වෙලාවේ ගාමිණී දිසානායකට හෝ ලලිත් ඇතුලත් මුදලිට හෝ උතුරටවත් , දකුණටවත් යන්න හැකියාවක් තිබුනේ නෑ ! ඒ සුවිශේෂී තත්ත්වය තුල අපේක්ෂකත්වය ලැබුනා ! දකුණේ කැරලිකරුවන් ගේ අනියම් සහයෝගය ඔහුට ලැබුනා ! සිරිමාවෝ බණ්ඩාරනායක පැරදුනා !
ප්‍රේමදාස ජනාධිපති වූවගයි !…..ඔය ජවිපෙ සමූලඝාතන තීරණය ගත්තේ සිරිමාවෝ කිවුවොත් ඔබ විශ්වාස කරනවාද ? JR විශ්‍රාමිකව හිටියත් ඒකා කපටි හිවලෙක් ! ඒවනවිට ලංකාවේ ඊශ්‍රායල් මොසාඩ් යුනිට් එකක් වැඩ කලා !…
සේපාල ආටිගල , සිසිල් වෛද්‍යරත්න කියන්නේ සිරිමාවෝගේ ඉතා සමීප ගෝලයෝ ! ජේ.ආර්. / රංජන් විජේරත්න / සිරිමාවෝ ඇතුලු ඉහල ප්‍රභූ හමුදා නිලධාරීන් තමයි සමූලඝාතන තීන්දුව ගත්තේ ! All Party Conference එක ඇතුලේ මූලාසනය රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා ගත්තා නොවෙයි උස්සලා තිවුවා ! ඔහුට ඒ මොහොතේ කලහැකි දෙයක් තිබුනේ නෑ ! මැස්සෝ මදුරුවෝ ගානට කොල්ලෝ කෙල්ලෝ හැටදාහකට අධික පිරිසක් මැරුවා…අවසානයේ ඇතුලත් මුදලිත් මැරුනා ප්‍රේමදාසත් මැරුණා සියල්ල අදටත් අභිරහස් !….සජිත්ට පියානන්ගෙන් උරුම උන ” පොඩි මිනිහාගේ ” හෘදයාංගම නායකකම කිසිදා UNP ය හෝ රනිල් වෙනුවෙන් නිර්ලෝභීවව ආයෝජනය කලේ නෑ ! කේවල් කරමින් ඉහලට එන්න භාවිතා කලා විතරයි !….පන්සල් හදන්න වෙහෙර විහාර චෛත්‍යය හදන්න පොරොන්දු වෙමින් පසුගාමී
සිංහල බෞද්ධ සමාජයේම පොරක් වෙන්න ගියා ! ඒක රාජපක්ෂලා අල්ලගෙන ඉවරයි ! ඔරිජිනල් තියෙද්දී එම බලවේගය තුල ඔයා ඩුප්ලිකේට් !😂
රනිල් ඉතා කාරුණිකව තේරුම් කරන්න උත්සාහ කලේ ඒකයි ! ඔහු උපයාගත් සුළුජාතිකයින්ගේ විශ්වාස / සමාජයේ ඉහල පැලැන්තියේ විශ්වාසය / ජාත්‍යන්තර විශ්වාසයට උඹ උපයාගත් පොඩි මිනිහාගේ විශ්වාස යත් එකතුකර ” ජේආර් ප්‍රේමදාස ” සුසංයෝගය වගේ “රනිල් සජිත් ” සුසංයෝගය හදමු යන්නයි !
එහෙම උනානම් රනිල් ජනාධිපති සජිත් අගමැති උපරිමය විය හැකිව තිබුනා ….නමුත් එය බොහෝ ඈත සිට කරගෙන ආයුතුව තිබූ දෙයක් මිසක අවසාන මොහොතේ කලත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරම ලබාගත් මේ රැල්ල වැලැක්විය නොහැකි බවට තර්ක කලහැකියි ! …නමුත් දැන් ඔබ කලයුත්තේ සියල්ල අතහැරීම නොවෙයි ! ඔබ උපයාගත් දේ රනිල් වෙනුවෙන් නොදුන්නාට රනිල් ඔබ වෙනුවෙන් නිර්ලෝභීව සියල්ල පරිත්‍යාග කලා ! සුළුජාතිකයින් ඔබට අත දිගහැර චන්දය දුන්නේ ඒකයි !…ඔබට වඩා හේමා ප්‍රේමදාස මැතිනියට මේ පිලිබඳ හොඳ ඉවක් අවබෝධයක් තිබුනා ! සිරස සමඟ තිබූ සාකච්ඡාවේදී ඇය ඇස් වල කඳුලු පුරවාගෙන මට රටට වඩා පුතා වටිනවා කිවුවේ ඒකයි ! මල්ලී මේ පසුගාමී සමාජය වෙනස්කර ඇමරිකාවෙ ඔබාමා ජනාධිපති උනාවගේ ඉංදියාවේ අබ්දුල් කලාම් ජනාධිපති උනාවගේ තත්ත්වයක් හදන්න මැදිහත් වෙමු ! ගේම ඔලුවෙන් ගහමු !
අජිත් මුණසිංහ