සජිත් පිල එජාපෙ බහුතර කැමැත්තට පිටුපායි !

0
62

sajithtරට හමුවේ ඇත්තේ දැවැන්ත අභියෝගයකි.අඩුපාඩු කම් මැද වුවද යහපාලන රජය විසින් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සදහා වන සකලාකාර ප්‍රගතිශිලි ප්‍රතිසංස්කරණයන් රාජපක්ෂ රෙජිමය හමුවේ ආපස්සට යමින් තිබේ.
මෙවන් තිරාණාත්මක මොහොතක තමන් එදා සිට නියෝජනය කළ  පක්ෂයේ බහුතර මතයට පිටුපා සජිත් ප්‍රේමදාස ඇතුළු පිළ එජාපයෙන් වෙන්ව තරගකිරිමට සුදානමින් සිටිති.
ඊයේ පැවැති කෘත්‍යාධිකාරි  මණ්ඩල රැස්විමේදි සමගි ජන බලවේගයේ ලකුණු පිළිබදව මතුව වු සංවාදයේදි බහුතරයක් දෙනා කැමැත්ත පළ කර තිබුනේ අලියා ලකුණින් තරග කිරිමටය.සජිත් පිළ හිතාගෙන සිටින දුරකථනය ලාංඡනයට කැමැත්ත පළව තිබුනේ 8 දෙනෙකු පමණක් යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ ඊයේ පැවැති මාධ්‍ය හමුවෙදිද ප්‍රකාශ කොට තිබුණි.
ඒ අනුව එජාපයයේ බහුතරය එක මතයක සිටියදි කෘත්‍යාධිකාරි මණ්ඩල  රැස්විමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් සජිත් පිළ කියා ඇත්තේ ලකුණ පිළිදව එකගතාවයකින් තොරව රැස්විම අවසන් වු බවය.
එජාපයේ ශක්තිය බිද දමා  කැලිවලට කැඩිම සදහා සෑහෙන කාලයක පටන් ක්‍රියාත්මක විවිධ ක්‍රමන්ත්‍රණකාරින්ගේ අතකොළු බවට පත්ව ඇති සජිත් පිළේ දේශපාලකයන් මේ රට දැන් ගෙනයමින් ඇත්තේ යළිත් වරක් අදුරු භිෂණකාරි යුගයකටය.
එයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිම වෙනුවෙන් ප්‍රගතිශිලි ජනයා වෙත පැවරෙන වගකිම අතිවිශාලය.

කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් පසු එජාප නායක රනිල් වික්‍රමසිංහ මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශය ( විඩියෝ )