සජිත් හා නවීන් ගිය යානයට අනතුරක් වී එළවලු කොටුවකට හදිසියේ ගොඩ බස්වයි (PHOTOS)

0
93

අද (25) පෙරවරුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රැගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් නුවරඑළිය – සීතාඑළිය කටුමාන්න ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ.

මෙලෙස ගමන් කර ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතායි.

මොවුන් මෙම හෙලිකොප්ටර් යානයෙන් කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් කර ඇත්තේ නුවරඑළිය – සිනෙසිටා ශ්‍රවණාගාරයේ සංවිධාන කර තිබූ උත්සවයකට සහභාගිවීම සඳහායි.

යානය ගොඩබැස්සවීමට නියමිතව තිබී අැත්තේ නුවරඑළිය තුරඟ තරඟ පිටියටයි.

පැවති අධික මීදුම් තත්ත්වය නිසා නියමුවා යානය ඉතාමත් පහළින් ගමන් කර ඇති අතර එහිදී ඔහු අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් හෙලිකොප්ටර් යානය ආසන්නයේ පවතින බවට දැක සැනින් ක්‍රියාත්මක වී යානය කටුමාන්න ප්‍රදේශයේ වගා බිමකට ගොඩබස්සවා තිබේ.

ඡායාරූප පහතින්.

14089052 258755201190119 1419884859369056071 n

14095951 258755197856786 2721777441967174823 n

14046087 258755181190121 599384213884406759 n

14063892 258755194523453 816132827803088763 n

14039960 258755051190134 7410562502900314501 n

14102256 258755047856801 5088028419492539055 n

14021596 258755037856802 7246325899433583653 n

14117687 258755031190136 2153577149955032362 n

14051835 258755034523469 6652275912755367823 n

හැටන් – රංජිත් රාජපක්ෂ

http://www.asianmirror.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here