සතොස සුදුළුෑණු ජාවාරමට ගම්පහ දේශපාලකයෙකුත් හවුල් ද ?

0
72

සීනි පිළිබද දැවැන්ත වංචාවන් වල උණුසුම පහව යන්නටත් මත්තෙන් දැන් කරලියට පැමිණ ඇත්තේ සුදුළුණු පොඩිකල කූට ජාවාරමක් ගැන කථාවකි.
සතොස නම පෙන්වා ගෙන්වා තිබුණ සුදුළුෑණු තොගයක් වෙනත් අයෙකුට අලෙවි කොට තිබුණි.ලංකා සතොස සතුව තිබූ සුදුළුෑණු කිලෝග්රූම් 56,000 ක් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් ලංකා සතොසේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( මුදල් ) අත්අඩංගුවට තිබේ.
ඔහු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලංකා සතොස මුදල් පිළිබඳ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි සුසිරි පෙරේරා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පෑලියගොඩ පොලීසිය විසින් සාමාන්‍යධිකාරිවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර ගම්පහ දේශපාලන කවයන්හි තවත් කථා බහක් දැන් මතුව තිබේ. එනම් මේ සුදුළුෑණු ජාවාරම පිටපුස ගම්පහ දිස්ත්‍රික් දේශාපලකයෙකුද සිටින බවය.
සතොසටද සම්බන්ධයක් තිබු අයෙකු බවද මේ කසුකුසු වලින් කියැවේ .