සනත්ගේ උත්සවයේදි කළං ,සේමිණි නැගිටලා ගියේ ඇයි ?

0
81

සනත් ගුණතිලකගෙ සිංහල සිනමාව සහ මම කෘතිය ජනගත කළ දවසෙ සේමිණී ඉද්දමල්ගොඩ සහ අමරසිරි කලංසූරිය ඉඳගෙන හිටපු පුටු වළින් නැගිටලා ගියා. මේ දිහා අනිත් අයත් බලන් හිටියා.

සනත් හිටියෙ වේදිකාවෙ නිසා මේ පිළිබඳ ඔහුට කළහැකි දෙයක් තිබුනෙත් නැහැ.ඉදිරිපස පේළියෙම හිටියෙ ගීතා කුමාරසිංහ,රෝසි සේනානායක, ස්වර්ණා මල්ලවආරච්චි, ඩී.බී. නිහාල්සිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, රවීන්ද‍්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග සහ අමරසිරි කලංසූරිය කළංසූරිය දැක්කා නිළියක් ශාලාවට ඇතුල්වෙලා ඔහු සිටින කෙළවරට එනවා. ඔහු දෙවරක් නොසිතා වහාම පුටුවෙන් නැගිටලා ඇයට ඉඳගන්න ඉඩ දීලා පසෙක තිබූ පුටුවකට ගිහින් ඉඳගත්තා.කළං නැගිට්ටෙ ස්විනීතා වීරසිංහ ගෙ ප්‍රවීණත්වයට.

ඊගාවට තමන් ඉඳගෙන සිටි පුටුවෙන් නැගිටලා ජනමාධ්‍යවේදියන්ට අසුන් පනවලා තිබුන තැනට ඇවිත් ඉඳගත්තේ සේමිණී. ඒ ප්‍රමාදවෙලා උත්සවයට ආව ශ්‍රියානි අමරසේනට සිය අසුනබාරදීලා. .දෙන්නම එහෙම කළේ ප්‍රවීණයන්ට ගරු කිරීමේ ඒ අය තුළ ඇති පුරුද්දට. සේමිණී ප්‍රථමයෙන් රගපෑවෙ ශ්‍රියානි අමරසේනගේ ටෙලි නාට්‍යයක.
http://mirrorarts.lk