පුත්තලම් දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතාට සිය මන්ත්රීධූරය අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වේ. මෙයට හේතුවී ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව පක්ෂය විවේචනය කිරීම සහ වෙනත් දේශපාලන පක්ෂවලට ප්රචාරය දීම බව ශ්රිලනිප ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ඔහුට විරුද්ධව පැවැත්වූ විණය පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු කරමින් මෙම විණය කමිටිුවේ වාර්තාව අනුව ඊළග විධායක සභා රැස්වීමේදී ඔහු සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.