සන්ධ්‍යාට මරණ තර්ජන කල ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත සිර දඬුවම්

0
96

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බැන වැදී මරණ තර්ජනය කිරීම සම්බන්දයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේඛම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් අද (14) නිකුත් කෙරිණි. දඩුවම් නිකුත් කල හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා ඥාණසාර හිමියන්ට බරපතල වැඩසහිත වසරක සිරදඩුවමක් නියම කලේය. එය මාස හයක කාලයකදී ගෙවී යන  පරිදි ක්‍රියාත්මක කිරීමට නියමකර ඇත.

සයමස් සිරදඬුවමට අමතරව රුපියල් 3000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා  සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද  නියම කර ඇත.