සන්ධ්‍යා රාජපක්ෂ සහ ලුණුවිල පාලම

0
205

ලුණුවිල පාලම හදන්නට පටන් අරන් දැන්  අවුරුදු 3කට වැඩි මිස අඩු නොවේ.  පසුගිය වයඹ පළාත් සභා කාලය තුළදීත් මේ පාලම  හැදෙමින් තිබුණි.  වයඹ පළාත් සභා මන්ත්‍රි සන්ධ්‍ය රාජපක්ෂ මහතා පදිංචිව සිටින්නේ ද මේ ආසන්නයේම නිසා මේ ප්‍රශ්නය ජනතාවට කොතරම් හිරිහැරයක් ද යන වග අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. නමුත් පසුගිය කාලයේ ලුණුවිල පාලම ගැන තද නින්දේ පසුවුණ සන්ධ්‍ය රාජපක්ෂ මන්ත්‍රීවරයා හදිසියේ ඇහැරී ඇත. පාලම ගැන මාධ්‍ය වල ප්‍රවෘත්ති පළවීම ගැන ඔහු කෝපවී මේ ගැන වයඹ පළාත් සභාවේදී ද කතාකර ඇත.
ලුණුවිල පාලම ප්‍රමාද වීම ගැන පවතින රජය හා මේ ප්‍රෙද්ශය නියෝජනය කරන දේශපාලනඥයින් පිිළිතුරු දිය යුතු වන අතර එම ප්‍රෙද්ශයේ ජනතාවගේ ඡන්දයෙන් පළාත් සභාවට ගිය මන්ත්‍රීවරයෙකු ලෙස සන්ධ්‍ය රාජපක්ෂලා වැනි අය නම් මේ ප්‍රශ්නය ඉදිරියේ ලැජ්ජා විය යුතුය. මන්ද මේ ප්‍රමාදය වලක්වා ගන්නට අඩුම ගණනේ මෙතෙක් කල් මේ අය කර ඇත්තේ කුමක්ද කියා ජනතාව දැනගත යුතුය. එසේ තිබියදී  පසුගිය දිනක මේ ලුණුවිල  පාලමේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති  පුවත්පත් වල පළවීම  ගැන  වයඹ පළාත් සභාවේදී සන්ධ්‍යා රාජපක්ෂ කතාකර ඇත්තේ හරිම කණගාටුවෙනි.  මන්ද ඔහුට අනුව ලුණුවිල පාලම පිළිබඳව ප්‍රශ්නයක් නැත. එය හැදෙමින් පවතියි.  මේ හැදිල්ල ප්‍රමාද වන්නේ ඇයිද යන්න හෝ මෙතරම් කාලයක් ජනතාවට  බලාහිඳින්නට වීම ගැන ඔහුට කිසිම කණගාටුවක් නොමැත. තමන්ගේ ආණ්ඩුවේ හෙංන්චයියන් කරන ඕනෑම තක්කඩි වැඩක් නිවරදි කරන්නට සූදානමින් සිටින සන්ධ්‍යා රාජපක්ෂ වැන්නකුට ඒ මේ වෙනුවෙන් වැය වන ජනතාවගේ මුදල් ගැන කිසිදු කැක්කුමක් නැත. ඒ නිසා පාලම තව අවුරුදු කීයකින් හැදුණත් ,මිනිසුන් රස්තියාදු වුවත් සියල්ලෝ  නිහඩව බලා සිටිය යුතුය. 1aefbd3e386da07d5056aceadcc552bb488c5b704a67089ec18036e81ec256430

71389571a0eb96455c0de79b73cb5ad2afd7c53dd24f55782b7b17d6fab21a64