සන්ධානය මීගමුවේ පරාජය පිළිඅරන් ඉවරයි,අපට සටනක් නෑ- රොයිස් විජිත

0
101

roies-v-300x300පසුගිය ජනාධිපතිවරණයේදි වැඩිඡන්ද 28000කින් ජයගත් මීගමුවේ ඡන්ද සටන ගැන මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතාගෙන් අප විමසා සිටියෙමු.ඔහුගේ සම්පුර්ණ පිළිතුර පහතින් පළවේ….

…….”මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මීගමුව ආසනයේ ජයග්‍රහණය අපි තහවුරු කරලා තියෙන්නේ. අපිට කිසිම ජන්ද සටනක් නැහැ. ඒගොල්ලෝ පරාජය පිළි අරන් ඉවරයි. ඒක ඕනෙම ඇස් කන් තියෙන කෙනෙකුට පේනවා. ඒගොල්ලෝ තරපු දේවල් මේ වෙනකොට ඒගොල්ලෝ වටේම කැරකෙනවා. එගොල්ලන්ගේම දූෂණ අක්‍රමිකතා දැන් හොල්මන් කරනවා එගොල්ලෝ වටේ.

ඒ වගේම පුද්ගලික පෞරුෂත්වයකුත් ඔවුන්ට නොමැති බව පේනවා. අපේ පක්ෂේ ප්‍රශ්ණ තියෙද්දී අපේ නායකයන්ගේ ප්‍රශ්ණ තියෙද්දී අපි එළියට බැහැල හිටියා. ඒක නිසා දේශපාලනික වශයෙන් හා පුද්ගලික වශයෙන් අපිට පෞරුෂත්වයක් තිබුණා. මොවුන්ට ඒ කිසිම දෙයක් තිබිලා නෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ කියන චරිතේ ගත්තහම මුළු ලංකාවම දන්නවා ඔහු හිටියේ පවුලක් වශයෙන් කියලා. ඇත්ත කථාව ඒකයි.එයා අනාථ වුනාම අනිත් හැමෝටම දැන් ඇඩ්ඩ්‍රස් නෑ….

සන්ධානය මේ වෙනකොට පරාජය පිළිඅරන් ඉවරයි. නිමල් ලාංසා තමන් කොන්ක්‍රීට් දාපු තැන් වලින් ජන්දේ අරන් පාර්ලිමේන්තුවට එන්න හදන්නේ. ඇවිල්ලා එහා පැත්තට ගිහින් කොහොම හරි පුටුවක් ඉදගන්න හදන්නේ. පනත සංශෝධනය වුනායින් පස්සේ ඒක හම්බ වෙන්නේත් නැහැ. ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here