සභාවේ ගතානුගතිකවාදීන් ලෞකික දේශපාලන බලවතුන් සමග ප්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක?

0
125

St Peter(2017 පෙබරවාරි 11)
දුප්පතුන්, පෑගෙන පොඩිවෙන මිනිසුන්, පව්කාරයන් හා පව්කාරියන් සමග ඇසුරු කරමින් ඔවුන් වෙනුවෙන් කතා කළා වූ ද, තම දොරකඩවල හිඳිමින් තමන්ගෙන් වැටෙන පාන් කැබලි අනුභව කරන ලාසරස් ලා බොජුන් මේසයට ගන්නා ලෙස ධනවතුනටඅභියෝග කළා වූ ද, (මිනිසත් බව ගත මහා පරාක්‍රම දෙවියන් වහන්සේ වන) නාසරෙතයේ ජේසු නමැති තරුණයා ගේ අභියෝගාත්මක ඉගැන්වීම පිළිගැනීමට  එදා සමාජයේ  බලය දරා සිටිමින්, දයා කරුණාව වෙනුවට මෝසස් ගේ  ටෝරාව නමැති නීති පද්ධතියෙන් හිස පිරී, බලයෙන් ධනයෙන් හා තනතුරුකාමයෙන් මත් වූ පරිසිවරුන්, ලේකම්වරුන්, නීතිවේදීන් සහ නායක පූජකයන් යන කණ්ඩායමට නොහැකි විය. ඔවුන්  කලේ  අසත්‍ය චෝදනා නගා ජේසු තරුණයා කුරිරු කුරුසියේ මරණයට පත් කිරීමය. ඉන් වසර 2000කට පසුව ජේසු තරුණයාගේ අග්‍රශ්‍රාවක පේදුරු තුමන්ගේ ස්ථානග්‍රාහකයා වන ප්‍රැන්සිස් පාප් වහන්සේට ද එවැනි තර්ජනයක් එල්ල වන ලකුණු දක්නට ලැබේ. තම ස්වාමියා සේ ම දුප්පතුන්, පෑගෙන පොඩිවෙන මිනිසුන්, පව්කාරයන්, පව්කාරියන්, සරණාගතයන්, යුද්ධයෙන් පීඩාවට පත්වූවන් ගැන නිර්භයව කතා කරන එතුමන් ගේ බස අමිහිරි වී ඇති ලෝක දේශපාලන බලවේග, ජනමාධ්‍ය බලවේගවල ද සහාය සහිතව එතුමනට එරෙහිව කුමන්ත්‍රණයක් අරඹා ඇති බව වාර්තා වේ. කනගාටුදායක ලෙස කතෝලික සභාවේ නූතන ජුදාස් ලා ද ඊට සම්බන්ධ කරගෙන ඇති බව අලුත් ම වාර්තා පෙන්වා දෙයි.

මේ බව හෙළිදරව් වන්නේ 2017 පෙබරවාරි 7 වැනිදා නිව්යෝක් ටයිම්ස්පුවත්පතේ පළවූ සවිස්තර වාර්තාවකිනි.  “Steve Bannon Carries Battles to Another Influential Hub: The Vatican”යන මැයින් එම වාර්තව පල වී තිබේ.

මෙම වාර්තාවට  අනුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එරෙහි දේශපාලන ව්‍යාපාරයේ ප්‍රමුඛත්වය ගෙන සිටින්නේ ISIS හෝ වෙනත් ආගමික සංවිධානයක් නොවේ. එම ව්‍යාපාරයේ පෙරමුණේ සිටින්නේ දැනට ඇමෙරිකාවේ සිටින ප්‍රබලතම පුද්ගලයා වන ස්ටීව් කේ. බැනන් ය.

ස්ටීව් බැනන්  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රධාන උපායමාර්ගික සැලසුම්කරුවා (Chief Strategist)  . ඔහු කතෝලිකයෙකි. ට්‍රම්ප් ගේ අන්ත දක්ෂිනාංශික වැඩපිළිවෙල ගැන නිර්භයව ඔහුට උපදෙස් දෙන්නේ බැනන් ය. ට්‍රම්ප් ගේ දේශපාලන වැඩපිළිවෙල තුළ බැනන් කෙතරම් දුරට රජවී ඇත්දැයි පවසන්නේ නම්, වරක් සී.එන් එන්. රූපවාහිනිය ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් ද, නැතිනම් බැනන්  ද?” යැයි ප්‍රශ්න කළේය: බැනන් මීට කළින් මාධ්‍ය හිමිකරුවෙකු හා ප්‍රධානියෙක් ද විය. අන්ත දක්ෂිනාංශික ඇමෙරිකානු ප්‍රවෘත්ති ජාලයක් වන බ්‍රිට්බාර්ට් ප්‍රවෘත්ති ජාලයේ (Breitbart News) ආරම්භක සාමාජිකයකු වූ ඔහු එහි ප්‍රවෘත්ති ප්‍රධානියා ලෙස ද කටයුතු කළේයබැනන් වත්මන් තනතුරට පත් වීමට පෙර, වෛරයෙන් බොරුවෙන් සහ මුලා කිරීමෙන් අශික්ෂිතව අශෝභන වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

දුප්පතුන්, තැලෙන පෙලෙන මිනිසුන් ගැන ප්‍රැන්සිස් පාප් වහන්සේ කල දේශනා ධනපති මාධ්‍ය හිමිකරුවෙකු වූ  බැනන්ට  ඇල්ලුවේ නැත. බැනන් ප්‍රැන්සිස් පාප් වහන්සේ දුටුවේ  කොමියුනිස්ට්කාරයකු ලෙසය.  දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ශාන්තුවරයට ඔසවන ලද මංගල අවස්ථාවේ බැනන් වතිකානයට ගියේ බ්‍රිට්බාර්ට් ප්‍රවෘත්ති ජාලයේ නියෝජිතයා ලෙස ය. හැබැයි, එහිදී ඊට අමතරව ඔහු වැදගත් පුද්ගලයකු ද  මුණගැසුණේ ය. එනම් කාදිනල් රේමන්ඩ් බර්ක් හිමි ය.  රේමන්ඩ් බර්ක් කාදිනල් හිමි තමන් සේ ම ප්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහිව අරෝවක් පවත්වාගෙන යන බව ඔහු දැන  සිටියේ ය. එසේම එතුමා වතිකානය තුළත් ලොව පුරා සම්ප්‍රදායමතවාදී අන්ත දක්ෂිනාංශික ධනේශ්වර කාදිනල්රදගුරුපූජක නායකයන් අතරත් ජනප්‍රිය බව හා බලවත් බවත් ඔහු දැන  සිටියේ ය. එබැවින් පාප් වහන්සේට එරෙහි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී බර්ක් කාදිනල් හිමියන් ගේ ඇති වැදගත්කම ඔහු අවබෝධ කරගෙන සිටියේය. සුවිසල් පොත් රාක්ක වලින් සහ සාන්තුවර ප්‍රතිමා වලින් අලංකෘත වූ කාදිනල් රේමන්ඩ් බර්ක් හිමියන් ගේ රෝමයේ සුඛෝපභෝගී කාදිනල් චෙම්බරයතුළ දොඩමලු වූ  බර්ක්බැනන් දෙපොළ තමන් ගේ පොදු ලෝක දැක්ම ගැන අදහස් හුවමාරු කර ගත්හ.

බැනන් බටහිර ලෝකය  පුරා ආණ්ඩුවලට තර්ජනයක් වී ඇති අන්ත දක්ෂිනාංශික දේශපාලන පක්ෂ හා පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වාගෙන යයි. ඔහු දැන් කරන්නේ ඔහුගේ මෙම අන්ත දක්ෂිනාංශික අරගලය නව සටන් බිමක් වෙත ගෙන යාමයි. එනම් වතිකානයයිඅපිස් දිවියක් ගෙවන ප්‍රැන්සිස් පාප් වහන්සේ, බලයට, මුදලට නොඇලී, තනතුරු ලොබින් ඉවත් ව, අපිස් ජීවිතයකට යොමු   වෙමින්, දුප්පතුනට සේවය කරන්නැයි ලෝකයට සේ ම කතෝලික සභාවට ද අභියෝග කරයි. උන්වහන්සේ කතෝලික  සභාව යොමු කරන මෙම නවඉසව්ව ගැන උරණ වී සිටින රෝමානු කතෝලික සභාවේම නායක පූජක පිරිස් බැනන් ගේ  නව සටන් බිමේ මිත්‍ර පාර්ශ්වය‘  බවට පත්ව තිබේ.

හුදෙක් නීතිය මත ම පිහිටා සිටින, ‘අති උතුම් රේමන්ඩ් කාදිනල්  බර්ක් හිමිප්‍රමුඛ ගතානුගතික මත වාදී කතෝලික නායකත්වය අවධාරණය කරන්නේ,  දික්කසාදය, දික්කසාදයෙන් පසු සිවිල් විවාහ කරගැනීම හා කාම මිථ්‍යාචාරයයනුවෙන් සම්භාව්‍ය කතෝලික නීතියේ ඉගැන්වෙන දේගැන ඉතා තදින් ක්‍රියා කළ යුතු බවයි. එහෙත් පුදුමයකට මෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ගැන (බර්ක් හිමි ඇමෙරිකානු ජාතිකයෙකි) ඔවුන් තුළ ඇත්තේ ආස්වාදයකි. මේ කාරණයේ දී ට්‍රම්ප් යනු දෙවරක් දික්කසාද වූ පුද්ගලකු වන්නා සේ ම කාන්තාවන් අනිසි ලිංගික හැසිරීම් වලට ග්‍රහණය කර ගැනීමේ හැකියාව ගැන කයිවාරු කියන්නා වූ ද කෙනෙකු ය යන්න ඔවුන් ගේ අවධානයෙන් ගිලිහී තිබේ. (මේ ජේසු සමිඳුන් වදාළ ලෙස පරිසිවරුන් තුළ වූ කුහකකම ද?)

දුප්පතුන්, සරණාගතයන්, යුක්තිය හා සාධාරණත්වය, සාංක්‍රමනිකයන්, පරිසර සංරක්ෂණය, සාමය සහ නීතියෙන් ඔබ්බට ගිය දයා කරුණාව යන කාරණයන් හි වෙහෙස නොතකා කටයුතු කරන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකය පුරා කතෝලිකඅකතෝලික ජනතාව ගේ ආදරය දිනා ගැනීමට සමත් ව සිටියි. එහෙත් බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට්චන්දයෙන් පටන්ගෙන, ඇමෙරිකානු ජනාධිපතිවරණය හරහා ලොව පුරා පැතිර යමින් ඇති දැඩි වර්ගවාදී ස්වරුපයක් ගත්  අන්ත දක්ෂිණාංශික රැල්ල තුළ සුදොතුම් පියතුමන් තනිවෙමින් සිටින බවක් දක්නට ලැබේ. එතුමනට ප්‍රබල මිතුරකු වූ බරක් ඔබාමා ගේ තැන දැන් සිටින්නේ වර්ගවාදී ට්‍රම්ප් සහ ඔහු ගේ න්‍යායාචාර්ය බැනන් ය.

බැනන් කතෝලික සභාවේ  අන්ත දක්ෂිනාංශික, ගතානුගතික මතවාදී කණ්ඩායමේ සිත් දිනාගත්තේ ද උපායමාර්ගිකව. කාදිනල් බර්ක් හිමියන් සමග පැවැති හමුවෙන් සුළු කලකට පසුව  හිටපු පුජකවරයකු වන බෙන්ජමින් හන්වෙල් විසින් ආරම්භ කර පවත්වාගෙන යන  Institute for Human Dignity නම් ආයතනය විසින්  රෝමයේ පවත්වන ලද  සම්මන්ත්‍රණයක් ඇමතීමේ අවස්ථාව බැනන්ට දී තිබිණ. කාදිනල් බර්ක් හිමියන් ද සහභාගී වූ මෙම සමුලුව වීඩියෝ කොන්ෆරන්ස් භාවිතයෙන් ඇමතූ බැනන් සිය ලෝක දැක්ම විස්තර කළේය. බටහිර ලෝකය වේගයෙන් ලෞකිකකරණය වීම, ඉස්ලාම් ධර්මයෙන් එල්ල වී ඇති අභියෝගය සහ ක්‍රිස්තු ධර්මයේ සදාචාරාත්මක පදනම සොලවා ඇති ධනවාදය යන කරුණු ගැන ඔහු එහිදී සවිස්තරව අදහස් දැක්වීය. සභාවේ ගතානුගතික මත වාදීන් ගේ අවධානය තමන් වෙත දිනා ගැනීමට මෙම කතාවෙන් පසු ඔහු සමත් විය. එහෙත් සිය  අන්ත දක්ෂිනාංශික සභාසටන්කාමීදේවධර්මවේද චින්තනය ගැන සාකච්ඡා කිරීම සඳහා බැනන් රෝමයේ අභ්‍යන්තරය සමග ඇති කරගෙන ඇති සන්ධානයමෙතෙක් ලෝකයට රහසක් වී ඇති බව නිව්යෝක් ටයිම්ස්පුවත්පත කියයි.

2014 අප්‍රේල් මාසයේ බැනන් වතිකානයේ කල සංචාරයේදී වතිකානයේ සිටින අන්ත දක්ෂිණාංශික මාධ්‍යවේදියකු වන එඩ්වඩ් පෙන්ටින් සිය බ්‍රිට්බාර්ට් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ යෝජිත වතිකාන ලියුම්කරු ලෙස තෝරාගත්තේය. “ප්‍රැන්සිස් (සුදොතුම් පියතුමා) ඔස්සේ මාක්ස්වාදී සංස්කෘතියක් සභාව තුළට ඇතුළු වී තිබෙන බව බැනන් විස්වාස කරනවා. මේ නිසා මෙයට එරෙහිව  අරගලයක් කල යුතු බවට ඔහු විශ්වාස කරනවායයි පෙන්ටින් කියයි. බර්ක් කාදිනල් හිමියන් සමග පැවැති හමුවෙන් පසුව ඔහුගේ අවධානය රෝමය වෙත යොමු වී ඇත්තේ එබැවිනි.

මෙම වාර්තාව හෙළි කරන අන්දමට වතිකානයේ ප්‍රබල ගතානුගතික මතධාරීන් කිහිප දෙනෙක් ම ප්‍රැන්සිස්  පාප් වහන්සේට එරෙහි මෙම කඳවුරට එක්වී විවිධ අයුරින් කටයුතු කරමින් සිටිති.

සුදොතුම් පියතුමන්ට එරෙහි කැළෑ පත්තරයක් ඉකුත් ඉරිදා රෝමය පුරා ඇලැවුණේ මෙම පසුබිම තුළ ය.

(කැළෑ පත්තර ගැන පුවත මෙතැනින් කියවන්න
පාප් වහන්සේට එරෙහිව සභාවේ ගතානුගතික මත ධාරීන් කැළෑ පත්තර ව්‍යාපාරයක
සහ
කැළෑ පත්තරවලින් නොසැලී සුදොතුම් පියතුමා සන්සුන්)

අති උතුම් රේමන්ඩ් කාදිනල් බර්ක් හිමිපාණෝ ඇමෙරිකාවේ කතෝලික ගතානුගතික වාදීන් ගේ ද වීරයා සහ නායකයා බවට පත්ව සිටියි. ඔහු පිළිබඳව අනුකම්පාවක් උපදින ලෙස ලිපි ලියන ලෙස බැනන් සිය වෙබ් අඩවියේ රෝම ලියුම්කරුට උපදෙස් දී තිබේ.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ලෝක දැක්ම

වතිකානය තුළ අභ්‍යන්තරයට කිමිදිය හැකි ජේසු නිකායික ඇන්ටෝනියෝ ස්පදේරෝ පියතුමා පවසන්නේ විවේචකයන් ගේ මෙම දෝෂාරෝපණ හුදු හිස් කාලගෝට්ටියක් පමණක් බවයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ක්‍රියාකාරකම් මුළුමනින්ම බයිබලීය ඉගැන්වීම් සහ ජේසු සමිඳුන් ගේ සුබ අස්න මත පදනම් වූ ඒවා බව එතුමා පෙන්වා දෙයි. “තමාට බාධා කරන්නට උත්සාහ කරන්නට උත්සාහ කරන මේ කණ්ඩායම සමග අරගලයක සුදොතුම් පියතුමා සුදානම් නැහැ. එහෙත් ඔවුන් ගේ බාධා කිරීම් නිසා එතුමා සිය දිශාවෙන් ඉවත් වන්නේ හෝ පිට පනින්නේ නැහැ. උන්වහන්සේ ඉතා වේගයෙන් අධිෂ්ඨාන ශීලීව ඉදිරියට යනවා…” පියතුමා කියයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතැම් මුස්ලිම් රටවල් සම්බන්ධයෙන් දරන මතය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ලෝක දැක්මට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ බව ස්පදෙරෝ පියතුමා පෙන්වා දෙයි. සුදොතුම් පියතුමා උත්සාහ දරන්නේ ශිෂ්ටාචාර අතර ගැටුම් ඇතිවීම වලක්වා සාමය සහ තරුම ගැනීම ඇති කිරීමටයි. “මෙය සුබ අස්නට විරුද්ධ වන්නේ කෙසේද? මෙය අකතෝලික හෝ නොකිතුනු වන්නේ කෙසේද?”

පාප් වහන්සේට එරෙහිව එක්  පිරිසක්  කඳවුරු බඳිමින් සිටිනවා වුවද එතුමන් ගේ  රැඩිකල් කිතුනු අදහස් සහ ක්‍රියා පෙරලිය සභාව තුළ ක්‍රමයෙන් වැදෙමින් මුල් බසිමින් පවත්නා බව ද පෙනෙන්නට තිබේ.

සුදොතුම් පියතුමන් නව කාදිනල් කණ්ඩායමට සිය රක්ත වර්ණ හිස් වැසුම් ලබා දුන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වී වී දින කිහිපයකිනි.
මීට කළින් සභාව කටයුතු කලේ කෙසේදැයි සිතන්නට අප යොමු කරමින් සභාව තුළ සුදොතුම් පියතුමා රූපාන්තරණයක්, පරිණාමයක් ඇති කරමින්  සිටිනවා…” යයි එදින කාදිනල් පදවියක් ලද චිකාගෝවේ බ්ලේස් කුපිච් අගරදගුරු තුමා කියා සිටියේ ය.
එදින තවත් සිද්ධියක් දක්නට ලැබිණ. එනම් සෙසු බලවත් කාදිනල් හිමිවරුන් සිය රාජකීය කාදිනල් කසී සලුවලින් සැරසී සිටියදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට බොහෝ සමීප ජාවෝ බ්‍රස් දි අවිස් කාදිනල් හිමි සරල සාමාන්‍ය පූජක ඇඳුමින් ඊට එක්වී සිටීමයි.
ඔබ මෙහෙම සිටිනව දැක්කම ට්‍රම්ප් සහ බැනන් ප්‍රමුඛ ගතානුගතික කඳවුර ශක්තිමත් වෙන්නේ නැද්ද? ඉතා දැඩි ඕතඩොක්ස් නීති වලට යොමු වෙන්න කියා ඔවුන් එතුමන්ට බල කරාවියි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියා එතුමන්ගෙන් විමසුවේය.
ධර්මය සුරක්ෂිතයි.” බ්‍රස් දී අවිස්‌ කාදිනල් හිමි ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ය. “සභාවේ දූත මෙහෙවර දුප්පතුනට සරණ වීමයි. මම මගේ සොයුරු කාදිනල් හිමිවරුනට මේ දේත් කිව යුතුයි.” එතුමා තව දුරටත් කීවේය. “එනම්, ඔබ පේදුරු තුමන්ට සේවය කළ යුතුයි. පේදුරු තුමන් ගේ බලාධිකාරිය ශුද්ධෝත්තම පියවරුන් ඔස්සේ ගලා යනවා. දැන් ප්‍රැන්සිස්  තමයි පේදුරු .”
http://www.vathikanasulaga.com