සමගි බලවේගය එළිදකී…..

0
98

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම, 18 වැනි සංශෝධනය අහෝසි කරමින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත සම්මත කිරීම තුළින් රාජ්‍ය ආයතනවල පූර්ණ ස්වාධිනත්වය ශක්තිමත් කිරීම හා ශ්‍රී ලංකාව නිජබිම කොටගත් සියළු ජාතික ප්‍රජාවන්ගේ අයිතීන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අනන්‍යතා සුරක්ෂා කිරීම යන මුලික කොන්දේසි ඉටු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා වූ ‘සම්මුතිකවාදී මහජන ගිවිසුම’ ට එහි පාර්ශවකරුවන් අද (22) පස්වරුවේදී අත්සන් තබනු ලැබිය.සමගි බලවේගය සදහා පදනම් වු මුලික  එකඟතාවයන් පහත සදහන් වේ.DSC_0232DSC_4110samagi--22813-11

01. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම.

02. 18 වැනි සංශෝධනය අහෝසි කරමින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත සම්මත කිරීම තුළින් රාජ්‍ය ආයතනවල පූර්ණ ස්වාධිනත්වය ශක්තිමත් කිරීම.

03. ශ්‍රී ලංකාව නිජබිම කොටගත් සියළු ජාතික ප්‍රජාවන්ගේ අයිතීන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අනන්‍යතා සුරක්ෂා කිරීම.

04. මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම.

05. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම සහ භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස සුරක්ෂිත කිරීම.

06. නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය නැවතත් ස්ථාපිත කිරීම.

07. ජීවන වියදම පාලනය කිරීම හා දූෂණයට එරෙහි නීතිරීති ශක්තිමත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

08. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ඇතුළු සුබසාධන සමාජ ක්‍රමය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම.

09. පාලකයන්ගේ වාසිය සඳහා නොවූ සැබෑ ජනතාවාදී සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වාදීම සහ ඇති – නැති පරතරය අවම කිරීම.

10. යහ පාලනය ප්‍රතිෂ්ඨාපනය සඳහා වූ මූලික පියවරක් වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (LLRC ) වාර්තා ප්‍රකාර නිර්දේශ ක්‍රියාත්මක කිරීම හරහා සියළු ජනතාවන්ගේ ෙසෙවරීභාවය සහතික කිරීම මගින් දිවයිනේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම.

ඉහත ‘දස මහා එකඟතාවයන්’ මත පදනම්ව පෙර සඳහන් අරමුණු ඉටු කර ගැනීම සඳහා සිය උපරිම ශක්තියෙන් මැදිහත් වන බවටත්, කැපවීමෙන් කටයුතු කරන බවටත් මෙයින් ප්‍රතිඥා දෙමු.

එකී උදාර කාර්යභාරයට අපි සියලූ දෙනා අවංකව ඇපකැප වන බවටත්, එම අරමුණු දිවිහිමියෙන් ආරක‍ෂා කරන බවටත් ප්‍රතිඥා දී ප්‍රකාශයට පත් කර සිටිමින්, එම කර්තව්‍යය ඉටු කිරීම සඳහා සෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගේම නොමඳ සහයෝගයද මෙයින් ආයාචනය කර සිටිමු.”
ජයා- අජිත් සෙනවිරත්න/තොරතුරු මුලාශ්‍රය- මිරර් වෙබ් අඩිවිය.