සමසමාජ පක්ෂය විවේචනය කළ ඇත්ත නැවත මුද්‍රණය කරන්න.-මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව

1
158

‘ඇත්ත’ පුවත්පත බෙදාහැරීම හා ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ කතෘත්වය අත්හිටුවීම දැඩිව හෙළා දකින බව මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව පවසයි.

අද(11)දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව මේ බව අවධාරණය කරයි.

නොවැම්බර් 09 වෙනිදා මුද්‍රණයෙන් එළිදැක්වූ ‘ඇත්ත’ පුවත්පත වහාම බෙදාහැරීම අත්හිටුවන්නට ඩිව් ගුණසේකර ප්‍රමුඛ කොමියුනිස්ට් පක්‍ෂ නායකත්වය විසින් පියවර ගන්නා ලද්දේ ලංකා සමසමාජ පක්‍ෂයේ දේශපාලන තීන්දුවක් පිළිබඳව වූ විවේචනාත්මක ලිපියක් පළවීම හේතුවෙනි.

ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ නිළ පුවත්පත ලෙස හැඳින්වුව ද ‘ඇත්ත’ පුවත්පත විකල්ප ස්වාධීන වමේ පුවත්පතක් ලෙස පාඨකයාගේ ගෞරවයට පාත්‍ර වූ බව පොදුවේ පිළිගැනීම විය.

‘ඇත්ත’ පුවත්පත උපයාගෙන තිබුණු කීර්තිය තවත් ඉහළට ඔසවා තබමින් පුවත්පත නිසිලෙස හසුරුවමින් පවතින මර්දනකාරී ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ජනතාව අතරට ගෙනයන්නට කර්තෘ ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු පසුගිය කාලයේදී සමත්විය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

‘මහජනසේවා ජනමාධ්‍යයන්හි මූලික සංකල්පයක් වනුයේ අන්‍ය මත ඉවසීම හා මතවාදී සාකච්ඡාවන්ට පුළුල් ඉඩකඩක් ලබාදීම වේ. ඒ සංකල්පයන්ට වැඩි ඉඩක් දෙමින් පවත්වාගෙන ආ ‘ඇත්ත’ පුවත්පත මෙසේ කොමියුනිස්ට් පක්‍ෂ බලධාරීන්ගේ තහනමට ලක්වන්නේ වත්මන් ආණ්ඩුවේ ජනතා පීඩනයන්ට එරෙහිව සිය පෑන මෙහෙයවීමට ‘ඇත්ත’ කටයුතු කිරීම නිසාය. මේ ඊනියා වාමාංශික නායකයන්ගෙන් ජනමාධ්‍ය නිදහස ප‍්‍රමුඛ රටේ මූලික පුජාත්නත‍්‍රවාදී අයිතීන් රැකගන්නට අපේක්‍ෂා කිරීම මිථ්‍යාවක් බව ඔවුන්ගේ මෙම ක‍්‍රියාව මගින් හොඳින් සනාථ කරනු ලබයි.

මෙරට ජනමාධ්‍ය නිදහස අගයන සිය`ඵ කොටස් මේ ඊනියා වාමාංශිකයන්ගේ මෙම මුග්ධ කි‍්‍රයාව හෙළා දැකීමෙන් නොනැවතී ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සහෝදරයා කර්තෘ ධූරයේ පිහිටුවා පුවත්පත නැවත මුද්‍රණයට බලපෑම් කරන ලෙස ‘‘මාධ්‍ය නිදහස සඳහා වූ ක‍්‍රියාකාරී කමිටුව’’ සිය පුරවැසියන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.මු
Atta-Paper