මේ අතර එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ දී මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ ක්‍රියාකලාපය ගැන සහ ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත
මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියන් ට විශේෂ වරප්‍රසාද ලබා දීමත් ඔවුන්ගේ සමහර නීතිවිරෝධී ක්‍රියා සඳහා අනුබල දීම සහ සහයෝගය දීම සම්බන්ධයෙන් හිටපු අධිකාරි සම්පායෝ සහ තවත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර සිටී.
මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ව තුන්වෙනි වතාවටත් අධිකරණයට පසුගිය දා ඉදිරිපත් කරන ලද අවස්ථාවේදි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා මිගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකගේ ක්‍රියාකලාපය පිළිබද බරපතල ලෙසින් චෝදනා මතුකර තිබුණි.
සම්පායෝව අත්අඩංගුවට ගැනිමක් සිදු කරනවා වෙනුවට සුහද පිළිගැනිමක් කර ඇතැයි ඔහු අධිකරණය හමුවේ කරුණු සහිතව එළිකර සිටියේය