මීගමුව, පෙරියමුල්ලෙයි, ඇඩ්නිව්ස් පාරේ ස්පා සම්බාහන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට එරෙහිව ප්‍රදේශවාසීහු අද සෙනසුරාදා (3) උදෑසන 9.30 ට පමණ විරෝධය පළ කළහ.
මෙම පෙළපාලිය සඳහා කතෝලික ආගමික නායකයන්, මවුලවිවරු සහ ප්‍රදේශවාසීහු රැසක් ද සහභාගි වූහ.
උද්ඝෝෂකයෝ දෙමළ සහ සිංහල භාෂාවලින් විරෝධතා පුවරු රැගෙන විරෝධතා සටන් පාඨ ඔසවාගෙන සිය විරෝධය පළකර තිබුණි.
එම්.ඉසෙඩ් සහජාන්









