සම්බුද්ධ ජයන්ති සම්මානලාභී කතුවරයා නැවතත් රිමාන්ඩ් !

0
181

sakthika

බුදු දහමට අපහාස කරන කෙටි කතාවක් රචනා කළ බවට චෝදනා ලැබූ ශක්තික සත්කුමාර ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. ඔහු අද බන්ධනාගාරගත කළේ තෙවැනි වරටයි.

සත්කුමාර විසින් රචනා කරන ලද අර්ධ නම් කෙටි කතාව හරහා බුදු දහමට නිගාවක් වී ඇති බවට බෞද්ධ තොරතුර කේන්ද්‍රය නමැති සංවිධානයක් පොලිස්පතිවරයාට පැමිණිලි කළ අතර ඒ අනුව කතුවරයාට එරෙහිව පොල්ගහවෙල අධිකරණයේ නඩුවක් ගොනු කෙරිණි. මහේස්ත්‍රාත් අධිකරණය විසින් ICCPR පනත යටතේ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මීට පෙර කෘති 33 ක් රචනා කර ඇති සත්කුමාර අවස්ථා කිහිපයකදී සම්මානයට ද පාත්‍ර වී තිබේ.

වරක් සම්බුද්ධ ජයන්ති සම්මානය ද හිමි කරගත් සත්කුමාර රචනා කර ඇති බෞද්ධ කෘති ප්‍රමාණය 10 කට අධිකය. ඔහුගේ පොත් කිහිපයකම පෙරවදන ලියා ඇත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වීම ද විශේෂත්වයකි.

ශක්තික සත්කුමාර ලබන 21 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
lankanewsweb