සමාජ ජාලා කැළඹූ ජනපති-අගමැති ඡායාරූපය එලියට ගියේ කොහොමද ?

0
98
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 9.00 pm ) හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ,මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායකට අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) කැඳවා පැය කිහිපයක පුරා ප්‍රශ්නකර ඇත.ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ඔවුන් දෙදෙනාගේ බිරින්දෑවරුන් සහ අමාත්‍ය චන්ද්‍රසේන සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙනි.

අදාළ ස්ථානයේ ඡායාරූප ලබාගැනීමකින් තොරව කටයුතු කිරීමට ජනාධිපතිවරයා උපදෙසක් ලබාදී තිබුණ මොහොතක ඡායාරූපක් මාධ්‍යයට නිකුත් වුණේ කෙසේද යන්න සොයා බැලීම ඔහුව කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට හේතුවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ධනුෂ්ක රාමනායක මෙසේ සටහන් කර ඇත.

Danaya 1

” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත සමාජ මාධ්‍යන්හි පළකර තිබූ ඡායාරූපයක්, මාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ පළකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඊයේ(16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් මා වෙත දැනුම් දෙන ලදි.

ඒ අනුව අද(17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මා පෙනී සිටි අතර එහිදී එම ඡායාරූපය පළකිරීම සම්බන්ධයෙන් මාගෙන් කරුණු විමසීමක් සිදු කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදි.

එහිදී එකී පින්තූරය මා විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් නොවන අතර එය සමාජ ජාල ගිණුමකින් උපුටා ගන්නා ලද්දක් බවට කරුණු දක්වන ලදි.

මේ පරීක්ෂණ වල මූලික අවශ්‍යතාවය වී තිබෙන්නේ, අතිගරු ජනාධිපතිතුමා අදාළ ස්ථානයේ ඡායාරූප ලබාගැනීමකින් තොරව කටයුතු කිරීමට උපදෙසක් ලබාදී තිබුණ මොහොතක මෙවැනකි ඡායාරූපක් මාධ්‍යයට නිකුත් වුණේ කේසේද යන්න විමර්ශනය කිරීමයි.

DhanushkaR”මේ පරීක්ෂණ වල මූලික අවශ්‍යතාවය වී තිබෙන්නේ, අතිගරු ජනාධිපතිතුමා අදාළ ස්ථානයේ ඡායාරූප ලබාගැනීමකින් තොරව කටයුතු කිරීමට උපදෙසක් ලබාදී තිබුණ මොහොතක මෙවැනකි ඡායාරූපක් මාධ්‍යයට නිකුත් වුණේ කේසේද යන්න විමර්ශනය කිරීමයි. ” – ධනුෂ්ක රාමනායක 

මෙවැනි තත්ත්වයකදී ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බව මත පදනම්ව තමයි මේ නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකරන්නේ. එහිදී මගේ ජංගම දුරකථනයේ දත්ත අවශ්‍ය බවට ඔවුන් ප්‍රකාශ කලා. මම කිසිදු පැකිලීමකින් තොරව එය ඔවුන්ට ලබාදී පරීක්ෂණ වලට අදාල පූර්ණ සහය ලබාදුන්නා.

ඔවුන් මගෙන් ඉල්ලීමක් කලා මා විසින් මාගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ ඡායාරූපය සහිත සටහන මාගේ ගිණුමෙන් ඉවත් කරගන්න කියල. මම එයට එකඟ වුණා.

අපට තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අනුව තමයි මම මේ ඡායාරූපය සහ සටහන පළකලේ. අපට දකින සහ පෙනෙන දේ අනුව අපට අයිතියක් තිබෙනවා යම් දෙයක් සම්බන්ධයෙන් අපෙ මතය සහ අදහස සමාජ මාධ්‍යයේ හෝ පොදු මාධ්‍යයේ පළ කරන්න.

එම ඡායාරූපය කිසි විටෙකත් මා ව්‍යාජව සකස් කරන ලද්දක් හෝ සංස්කරණය කරන ලද්දක් නොවෙයි.

”අපට තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අනුව තමයි මම මේ ඡායාරූපය සහ සටහන පළකලේ. අපට දකින සහ පෙනෙන දේ අනුව අපට අයිතියක් තිබෙනවා යම් දෙයක් සම්බන්ධයෙන් අපෙ මතය සහ අදහස සමාජ මාධ්‍යයේ හෝ පොදු මාධ්‍යයේ පළ කරන්න. ”

 

CID නිලධාරීන් කටයුතු කරන්නේ අවම පහසුකම් යටතේ.

මම පළමු වතාවට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට ආවෙ. එහිදී මම දැක්ක, පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් කටයුතු කරන්නේ අවම පහසුකම් යටතේ. කාර්යාලේ සිවිලිම නෑ, පවතින පරිගණක යල්පැන ගිය ඒවා වගේම වැසිකිලි පහසුකම්ද අවම මට්ටමක තමයි පවතින්නේ.

ලංකාවේ තරුණ පුරවැසියෙක් විදියට මම අතිගරු ජනාධිපතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා, රටේ ආරක්ෂාවට සෘජුව වගකියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරීන්ගෙන් කාර්යක්ෂම ඵලදායී සේවයක් ලබාගන්න නම්, ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික විධිමත්ව ලබාදෙන්න කියල.

එහිදී මා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත වීඩියෝ යොමුවෙන් ලබාගත හැකිය.


theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here