සමාජ මාධ්‍ය ජාලා අත්හිටුවයි ! – ICTA සභාපති ඉල්ලා අස් වේ

0
257

IT 2022.4.3ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.

ඕෂධ සේනානායක මීට පෙර ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඔහු මීට පෙර ඉල්ලා අස්විය.
මේ අතර, ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම මත මෙරට තුල සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කළ බව තාක්ෂණ අමාත්‍යාංශය විසින් තහවුරු කර සිටියි.

මේ අනුව, යූ ටියුබ්, වට්ස්ඇප්, මෙසේන්ජර්, ෆේස් බූක්, වයිබර්, ට්විටර් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ. නව යාවත්කාලීන කිරීම් ලබා ගැනීම, පණිවිඩ යැවීම, වීඩියෝ හුවමාරු කිරීම ආදිය සිදු කිරීම අපහසු වී ඇත.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා පැවසුවේ, ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය.

තම අමාත්‍යාංශය මගින් සියලුම දුරකතන සේවා සැපයුම්කරුවන්ට මෙම නියෝගය දැනුම් දුන් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ‘නිව්ස්ෆස්ට්’ කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය.
theleader.lk


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here