සමාජ ශාලාවේ බවුන්සර්ලා විසින් බිලිගත් සීදූවේ තරුණයා අවසන් ගමන් යයි.

0
318

seeduwa5DSC_0092ලියනගේමුල්ල සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රාත්‍රි සමාජ ශාලවක්  ඉදිරි පිට ඉකුත් 10 දින අළුයම  ඝාතනයට  ලක්වු ගයාන් දර්ශණ කොඩිකාර තරුණයාගේ දේහය එකි රාත්‍රි සමාජශාලාව ඉදිරිපිට මිගමුව කොළඔ මාර්ගයේ තබා ප්‍රදේශ වාසින් විරෝධය පළ කර තිබුනේ තමන්ගේ ගමට සමාජ ශාලා එපා යැයි කියමිනි.
මෙම විරෝධ නාවය නිසා කොළඹ මිගමුව මාර්ගයේ ගමන් ගන්නා රථ වහන පැයකට ආසන්න කාලයක් නතර කර තැබිමටද සිදුව තිබුණි.seeduwa 7
සමාජ ශාලාවක් නිසා අකාලයේ ජිවිතයෙන් සමුදෙන්නට සිදුව තිබුණ තරුණයෙකු ගැන හිත කකියවන කම්පාව සහ විරෝධය හේතුවෙන් ප්‍රදේශවාසින් මිය ගිය තරුණයාගේ දේහය සමාජ ශාලාව ඉදිරි පිටත් මෙන්ම සමාජ ශාලාව ඇතුලතද තැම්පත් කර තබමින් සිය විරෝධය මුදා හැර තිබුණි.seeduwa9seeduwa 4seeduwa 2seeduwa 1
විරෝධතා කරුවන් කියා සිටියේ මෙම සමාජ ශාලාව නිසා සවස 6න් පසු රැකියාවට ගොස් එන තරුණියෙකුට මෙම මාර්ගයේන් ඒ මට නොහැකි බවත් මවකට දියණියකුට අසලින් කඩයකට පවා යාමට නොහැකි අතර මෙම ප්‍රදේශයේ පදිංචි අයට රාත්‍රි සමාජ ශාලාව නිසා නොයෙකුත් අකටයුතු කම් වන නිසා දැඩි බියෙන් සිටින බවයිDSC_0044
මෙම අවස්ථාව මැඩ පැවැත් විමම සදහා පොලිස් නිළධාරින් පිරිසක් යොදවා තිබුනද ඔවුන්ගේ අණ නොතකා විරෝධතා කරුවන් සමාජ ශාලාවටද දැඩි අලාභ හානි සිදූ කර විරෝධ තාවය පල කලේය
සිද්දිය සම්බන්දයෙන් මිගමුව කොඨටාශ භාර වැඩබලන පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල සීදූව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් සී එම් සිරිල් අපරාධ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රණසිංහ යන නිළධාරින් පරික්ෂණ මෙහෙයවනු ලබයි

ඡායා සහ සටහන -පියපේම මාණික්කරත්න