සමාව ඉල්ලීමට කැමති නාගරික මංතී‍්‍රවරයාගේ ඉල්ලීම, නගර සභා නිලධාරීයා ප‍්‍රතික්ෂේප කරයි.

0
101

මීගමුව මහා නගර සභාවේ තලාහේන උප කාර්්‍යාලයේ දේපල තහනම් කිරීමේ නිලධාරීයෙකු ලෙස සේවය කල නෙල්සන් හෙට්ටිආරච්චි නැමැත්තාට මීගමුව නාගරික මංතී‍්‍ර ඇන්ටන් ජයවීර මහතා විසින් පහරදී සිය රැකියාව අහිමි කලේ යැයි සඳහන් පැමිණිල්ලක් මීගමුව පොලිසිය විසින් විමර්ෂනය කරමින් සිටී.  ඒ අනුව මීගමුව පොලිසිය විසින් මේ දෙපාර්ශවයටම පසු ගිය මැයි මස 28 වැනි දින (2011/05/28)  සමථ මන්ඩලය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. එහෙත් එදින අදාල නාගරික මංතී‍්‍රවරයා නොපැමිනීම මත එම සමථ මන්ඩලයේ පරීක්ෂනය ජුනි මස 11 වැනි දිනට නැවත කැඳවා තිබිණි. ඒ අනුව එදින පැවැත්වූ සමථ මන්ඩල පරීක්ෂනය සඳහා මෙම පැමිණිල්ල ගොනු කල නෙල්සන් හෙට්ටිආරච්චි නැමැත්තාත් අදාල ඇන්ටන් ජයවීර නාගරික මංතී‍්‍රවරයාත් පැමින සිටි අතර එහිදී සමථ මන්ඩලයේදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් නෙල්සන් හෙටිට්ආරච්චි නැමැත්තාගෙන්  සමාව ගැනීමට තමා සුදානම් බව නාගරික මංතී‍්‍රවරයා විසින් සමථ මන්ඩලයේ නිලධාරීන්ට දන්වා තිබිණි. මෙම නිලධාරී මන්ඩලයේ මුලසුන හෙබවුයේ අගුරුකාරමුල්ල විහාරස්ථානයේ නායක කේ.ඥානසිරි ස්වාමීන් වහන්සේය. එහිදී  නෙල්සන් හෙට්ටිආරච්චි නැමැති මෙම නගර සභා නිලධාරීයා  ඥානසිරි ස්වාමීන් වහන්සේට පවසා ඇත්තේ අදාල නාගරික මංතී‍්‍රවරයා සමථ මන්ඩලයේදී පමනක් තමාගෙන් සමාව ඉල්ලීම ප‍්‍රමානවත් නොවන බවයි. එහිදී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ අදාල නාගරික මංති‍්‍රවරයා සාධරණ වූ මහජන සේවාවක යෙදී තමාට නිරපරාදේ පහර දෙමින් තමාට එක්කල අපකීර්තියත් ලැජ්ජාවත් හේතු වෙන් අධිකරණ කි‍්‍රයාදාමයකට පිවීසීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බවයි. ඒ නිසා තමන්ට මෙම නාගරික මංතී‍්‍රවරයා පහරදී තමන් මෙතෙක් කලක් කල රැකියාවද ඉතා අසාධාරන ලෙස අහිමි කිරීම සම්බන්ධව මෙම සමථ මන්ඩලයේදී සමාව ඉල්ලීම ප‍්‍රමානවත් නොවන බවද ඔහු එහිදී වැඩි දුරටත් අවධාරනය කර තිබේ.
ඉන් පසු සමථ මන්ඩල ප‍්‍රධානී කේ.ඥානසිරි ස්වාමීන් වහන්සේ  ලිඛිතව මෙය නැවත මීගමුව පොලිසියට  යොමු කර ඇත.