සමුප ලොක්කෝ මිගමු නගරයම අවදානමේ හෙළයිද ?

0
69

මීගමුව සමුපාකාරයේ ප්‍රධානින්ගේ හැසිරිම බ්‍රැන්ඩික්ස් සමාගමට සමාන කරමින් බරපතල විවේචන මේ දිනවල එල්ල වෙමින් තිබේ.

ඒ එහි කළමණාකාරවරියගේ තනි කැමැත්ත මත හිතුවක්කාරි පාලනයක් කොරෝනා අවදානම මැද කරගෙන කරගෙන යමින් සිටිම නිසාය.

වාර්තා වු අන්දම දැනට සති දෙකක පමණ කාලයක සිට සමුපාකාර කාර්යාල කාර්ය මණ්ඩලය සේවික සේවිකාවන් රැසක් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තිබියදි ඒ ගැන වහා අවධානය යොමුකොට ආදාල සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දිම වෙනුවට මේ කළමණාකාරවරිය කටයුතු කර තිබුනේ මේ මාසයේ ගිණුම් කටයුතු මාසය අවසන් විමට නිම කිරිම පිළිබදවය.

මේ පසුබිම තුල කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්වය තවත් අර්බුදයකට ගිය තැන සිදුකරන්නට යෙදුන ඇන්ටිජන් පරික්ෂණයේදි 10 දෙනෙකුගෙන් 5 දෙනෙකුම ආසාදිත බව හදුනාගෙන තිබුණි.

තතු එසේව තිබියදි සුහද සේවා සුපිරි වෙළද සැල ඊයේ දිනය තුලද විවෘතව පැවැති අතර සේවකයන් යොදවා ගෙන බඩු පැකට් කිරිමේ කටයුතු දිගටම සිදුවෙමින් පැවැති බව වාර්තා විය.
ඊයේ දිනයේ සමුපාකාර සේවකයන් 140 දෙනෙකු හට PCR පරික්ෂණ සිදුකර තිබුණ අතර ඉන් බහුතරයක් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටි අය බවද සැලය.