සමූපාකාර යහපාලනයට නාත්තන්ඩිය දේශපාලකයෙකුගෙන් බලපෑම්??

0
366

cartoonpollපසුගිය විවිධසේවා සමූපකාර නිලවරණය අවස්ථාවේදී  නාත්තන්ඩිය වි/සේවා සමූපාකාර ඡන්දය සදහා එක් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුවක් ප්‍රතික්ෂේප වීම  හේතුකොටගෙන ඒ සම්බන්ධයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන්  වාරණ නියෝගයක් පතා ගොනු කළ නඩුවක් මාරවිල අධිකරණයේදී  විභාග වෙමින් තිබේ. මෙම නඩුවේ පැමිනිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ හිලරි ලිවේරා සහ නීතිඥ රොෂාන්ති ප්‍රනාන්දු යන නීතිඥචරුන්වේ.
නිලවරණය කාලයට යටත්ව යොමුකරන ලද මෙම නාමයෝජනා  ප්‍රතික්ෂේප වීම ගැසට් පත්‍රයේ විධිවිධාන වලට පටහැනිව බැවින්   තමන්  වර්තමාන සමූපාකාර සභාපති මාලන් අප්පුහාමි සහ කොමසාරිස්වරායාවද වගඋත්තරකරුවෙකු කරමින් අධිකරණ ක්‍රියාමාර්ග වලට එලඹුුණ  බව පැමිනිලි පාර්ශවයේ සාමාජිකයන් පවසති.
නාත්තන්ඩිය විවිධසේවා සමූපාකාර නිලවරණය සම්බන්ධයෙන් ඇතිවී  ඇති අර්බුදය තුළ නාත්තන්ඩිය  ආසනයේ දේශපාලන අධකාරියේ  මැදිහත්වීම්ද දෙආකාරයකින් ක්‍රියාත්මක වන අතර වර්තමාන සභාපති මාලන් අප්පුහාමි සන්ධාන රජයේ ආධාරකරුවෙකි. ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ලයිස්තුවේ ඇති බහුතරය
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් වෙති.
මෙම නඩුවේ පැමිණිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයාට මේ වනවිට නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස සමූපාකාර සභාපතිවරයා විසින්  සිය දේශපාලන ඥාතිකම් හරහා  දැඩි උත්සාහයක නිරත වන බව එජාප පාර්ශවයෙන් වාර්තා වන අතර මේ මේ ඥාතිකම සදහා පාලම වැටී ඇත්තේ  පා.මන්ත්‍රී හේක්ටර් අප්හාමි හරහා ද යන්න සාධාරන සැකයක් පවතින බවද සමූපාකාර සාමාජිකයෝ  පවසති.
වර්තමානසමූපාකාර සභාපති මාලන් අප්පුහාමි විසින්  තමන්ට ලැබීමට නියමිත පරාජය වෙනුවෙන්  සිය දේශපාලන හිතවත්කම් හරහා  පැමිණිලි පාර්ශවය වන ටෙෂාන් සමරනායක මහතාට බලපෑම් සිදුකරමින් සිටින අතර එහි ප්‍රතිපළයක් ලෙස මෙම නඩුවිභාගය සදහා සිය පාක්ෂකයන්ට සහයෝගය දීමෙන් වැලකී සිටීමේ පිළිවෙතක් මෑතක සිට පා.මන්ත්‍රී හේක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා විසින් පිළිපදින බව පැමිණිලි පාර්ශවයේ සාමාජිකයෝ පවසති.
එමෙන්ම නාත්තන්ඩිය සහ වෙන්න්ප්පුව යන ආසන වල දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවී ඇති කතාබස් වලදී නාත්තන්ඩිය සමූපාකාරය සම්බන්ධ නඩු විභාගය සම්බන්ධයෙන් සිදුකර ඇති අදහස් ප්‍රකාශ කිරිම් වලදී මෙම නඩුව ඉල්ලා අස්කරගැනීමට කටයුතු කරන බවට  පා.මන්ත්‍රී හේක්ටර් අප්පුහාමි විසින් ප්‍රකාශයක් සිදුකර ඇති බවටද නම සදහන් කිරීමට අකමැති එජාප ක්‍රියාකාරියෙකු පවසන ලදී. මෙම නඩුව එජාප පාර්ශවය විසින් ජයග්‍රහණය කළහොත් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට එය දේශපාලන පරාජයක් වනු ඇති නිසා  ඔහු විසින් මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය අධෛර්යට පත්කරමින් සිටින බව සාමාජකයන් ගේ අදහසයි.
ජනවාරි 08 සිදුවූ බල පෙරලියේදී  නාත්තන්ඩිය ආසනයේ සිටි සන්ධාන රජයේ මහින්ද පිලේ සිටි ආධාකරුවන් රැසක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වමින් පාර්ලිමේන්තු ම්න්ත්‍රී හේක්ටර් අප්පුහාමිගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට එක්වූහ. මෙම බලපෙරලිය තුළ සිදුවූ වැට පැනීම් හේතුකොටගෙන වර්තමානයේ නාත්තන්ඩිය ආසනය තුළ යහපාලනයේ ගැටළු රැසක් මතුවී ඇති අතර ඒවාට වගකිවයුත්තෝ  දැන් බලයේ සිටින්නන් බවට ජනතාව චොදනා කරති.හෙකට
ඉහත කී අලුත් නෑකම හේතුකොට ගෙන නාත්තන්ඩිය එජාප සංවිධායකවරයා විසින් සමූපාකාර සභාපති  මාලන් අප්පුහාමි මහතාගේ පරාජය වැලැක්වීමට උත්සාහයක් දරමින් සිටින බවට චෝදනා කරන එජාප ක්‍රියාකාරින් පවසන්නේ  දුර්දාන්ත පාලනයක් රට තුළ ඇතිකළ පුද්ගලයින් සමග  සම්බන්ධවෙමින් ඇතිකරගෙන ඇති අලුත් දේශපාලන සම්බන්ධතා තුළින් වාසියක් අත්වන්නේ හොරුන්ටම විණා යහපාලනයක් පාර්ථනා කළ පක්ෂ දෙකේම ජනතාවට නොවන බවයි. හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා කටයුතු කරමින් සිටින්නේ තමන්ට ජන්දය දුන් හොරුන්ව පිනවීමට විණා  සාධාරණ සමාජයක් බලාපොරොත්තුවෙන් ඡන්ද දුන් ජනතාවට පිනවීමට නොවන බව නාත්තන්ඩිය ප්‍රදේශයේ යහපාලනය පතන ජනතාව පවසා සිටිති.