සමූහ මිනීවලේ නඩුවට , රජයට පක්ෂ ප්‍රබලයෙකුගේ නමක්

0
306

අද  , 2013 -08-19 වන දින  මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් නඩුවාරයක් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.  එහිදී එම සමූහ මිනීවලේ  වැලලී ඇතැයි සැකකරන පුද්ගලයන්ගේ ඥාතීන් 15 දෙනෙකු පමණ  දිව්රුම් ප්‍රකාශ නීතිඥයින් මාර්ගයෙන්  බාර දුන් බව වාර්තාවේ. තම දරුවන් භාරදුන් පොලිසිෙය්  හා හමුදා නිලධාරීන් අතර රාජක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයෙකුද   සිටින බවත් මෙම ඥාතීන්ගේ තොරතුරු වලදී හෙළිවී ඇත.  මෙම සිදුවීමේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන්  නීතිඥ උපුල් කුමරප්පෙරුම , නීතිඥ අර්මිසා තීගල් ,නීතිඥ චන්දන වන්නිආරච්චි ,නීතිඥ සුරේන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පෙනී සිටියහ. මීළග නඩු වාරය  2013 නොවැම්බර් 04 වෙනිදාට කල්තැබිණි. මේ අතර  අද දහවලදී අතුරුදහන්වූවන්ගේ පවලු් එකතුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හා පත්‍රිකා බෙදීමක්  ද  මාතලේ නගරයේ දී සංවිධානය කර තිබුණි.matele 1

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here