සමූහ මිනිවලේ නඩුවදා මාතලේ විරෝධතා

0
94

මාතලේ සමුහ මිනිවල පිළිබද නඩුව 2013 ජුනි 28 වනදා මාතලේ දී පැවැත්විණි.ඒ පිළිබදව මහජන අවධානය යොමු කරනු වස් අතුරුදහන් වුවන්ගේ  පවුල් එකතුව විසින් අද මාතලේ නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මේ සදහා මාතලේ 1989 වසරේ දි අතුරුදහන්වුවන්ගේ ඥාතින්ද සහභාගිව සිටියහ.
මෙතෙක් නඩුව විභාග කළ විනිසුරුවරියව මාරුකර තිබුන අතර අළුත් විනිසුරුවකු යටතේ නඩුව අැසිම ආරම්භක දිනය වු අද දින නඩුව අගෝස්තු මස 19 වන දිනට කල්ගොස් තිබුනේ කිසිදු විමසිමකින් තොරවය.
මෙදින තවත් විශේෂ සිදුවිමක් ද සිදුවෙමින් තිබිණි.එනම් අගවිනිසුරු මොහාන් පිරිස් මහතා අද මාතලේ ට පැමිණිමට නියමිතව තිබුණි.ඒ අධිකරණ කෂේත්‍රයේ අයවලුන් බැහැදැකිම පිණිස බවද වාර්ථා වේ.matele 1matele 2matele 5