සයිටම් විරෝධි උද්ඝෝෂණයක් අද මිගමුව රෝහලේ වෛද්‍යවරුන් සහ සමස්ථ රෝහල් කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් අද දවල් වරුවේ සංවිධානය කොට තිබුණි.
මෙම උද්ඝෝෂණයට එක් වෙමින් වෛද්‍යවරුන් කියා සිටියේ වෛද්‍ය සභාවට අතනොතබනු යනුවෙනි.
සයිටම් හොර වෛද්‍යවරුන් එපා යන සටන් පාඨයද මේ අතර විය.
කෙසේ වෙතත් අද රටතුල සංවාදයට ලක්වෙමින් ඇති මාතෘකාව බවට පත්ව ඇත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරිම ගැන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය යන අදහසය.