සරණාගතයෙක් යනු ධෛර්වන්ත මනුෂ්‍යයෙකි

0
327

අද ජාත්‍යන්තර සරණගාත දිනයයි. සරණාගතයින් යනු  රැකවරණ බලාපොරොත්තුවෙන් iසිය මව් රටින් පටුවහල් වූවන්ය. සමහර විට තමන්ගේම රට තුළ සරණාගතයින් සේ ජීවත්වීමට සිදුවන අවස්ථාද බොහෝ වේ. මෙම සරණාගත දිනය වෙනුවෙන් ලෝකය පුරා විවිධ සැමරුම් පැවැත්වෙන අතර  අද මීගමුවේ මාරිස්ටෙල්ලා ක්‍රීඩාංගනයේදී  ද විශේෂ සැමරුම් උත්සවයක් හා ඊට සමගාමීව  ක්‍රීඩා තරග සහ  තවත්  සංස්කෘතිකාංග පැවැත්විණි.
සරණගතයින් සදහා වූ  එක්සත් ජාතීන්ගේ මහ කොමිසමේ සංඝනනයට   අනුව  සිය මව්බිමෙන් ඈත්ව ජීවත්වන සරණගතයින්ගේ  ගණන මිලියන 60කි. එයින්  මිලියන 20 ක් පමණ සරණාගත තත්ත්වයේ ජීවත් වන අතර ඔවුන්ගෙන් අඩක් කුඩා දරුවන්  වේ. තමන්ගේම රට තුළ අවතැන්වූවන් මෙන්ම දේශපාලන රැකවරණ ලබමින් පිටුවහල්ව ජීවත්වන සංඛ්‍යාවද දිනෙන් දින වැඩි වෙමින් පවතින බව ඔවුන් පවසයි.
මේ වන විට මීගමුවේද පාකිස්ථානයෙන් පැමිණි මුස්ලිම් ජාතිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සරණාගතයින් ලෙස ජීවත්වන අතර ඔවුන්ගෙන් බහුතරයක් සිය ආගම හේතුවෙන් එරට තුළ මානහ හිමිකම් උල්ලංඝනය වු පිරිස් වෙති. එමෙන්ම ජීවිතාරක්ෂාව අහිමිව දේශපාලන  රැකවරණ පතා පාකිස්ථානයෙන් පිටුවහල්ව ජීවත්වන පිරිසකි. අද මෙම උත්සවයට සහභාගී වූවන් අතර පකිස්ථානයේ සිට පැමිනි අහමදියා මුස්ලිම් ආගමේ පිරිසක්ද බුරුමයේ සිට පැමිණි ‘රෝහින්ගා’ ප්‍රජාවට අයත් පිරිසක්ද ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණි පිරිසක් ද සිටියහ.DSC08314 DSC08316 DSC08300DSC08279(2)DSC08325(1) DSC08286DSC08283DSC08277DSC08288DSC08332DSC08343DSC08333 DSC08340DSC08330DSC08322

2015-06-20 11.16.58ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්