සරත්ගේ දේශපාලන බූදලය ලංසා පවුලට සින්නවෙයිද?

0
85

dayan sarathසරත් ගුණරත්න යනු දශක 3 නකටත් වැඩි කාලයක් ශ්‍රිලනිප දේශපාලනයේ නියැලුන කිසිදිනක පක්ෂය වෙනස් නොකර අන්තිම අමාරු අවස්ථාවන්හිදි පවා පක්ෂය වෙනුවෙන් විවිධ කැපකිරිම් සිදුකළ අත්දැකිම් බහුල දේශපාලකයෙකි.
එහෙත් මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ පවුලකින් පැමිණි නිමල් ලංසා සහ දයාන් ලංසා විසින් සරත් ගුණරත්න මහතාව දේශපාලනික වශයෙන් විශ්‍රාම ගන්වා ඔහුගේ දේශපාලන බූදලය සින්නකරවම ලියාගැනිමේ සියුම් කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු මීපුරට පවසා සිටියේය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කර සිටියේ සරත් ගුණරත්න මහතා විසින් කළක සිට ගොඩනගාගෙන සිටි කෝටිපති ව්‍යපාරිකයන් මෙන්ම එකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමගින් දයාන් ලංසා මේ වන විට සමිප සබදතා ගොඩනගා ගනිමින් සිටින බවයි.
පසුගිය දා පැවැති දයාන් ලංසාගේ උපන් දින සැමරුම සදහාද මේ ඇතැම් පිරිස් එක්ව සිටි බව ඔහු තවදුරටත් කරුණු දක්වා සිටියේ ඒ අවස්ථාවකට එක්ව සිටි සියල්ලන්ගේම ඡායාරුපද සමගින් අදාල කරුණු සනථා කරමිනි.
මීගමුවේ ප්‍රකට රථවාහන අලෙවි ආයතනයක  හිමිකරුවෙකුද මේ අතර විය.
එමෙන්ම දයාන් ලංසා හා මේ දිනවල ඉතා සමිප ඇසුරක් ගොඩනගාගෙන ඇති නිතර මීගමුවට යන එන එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුද විය.sarath G 3
ඔහු කළුතර අයෙකු වන අතර ඔහු නිතර මීගමුවට යන එන හේතුව ගැන හොදින්ම දන්නා කිපදෙනාගෙන් එක් අයෙකු වන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා බවද සැලය.
කෙසේ වෙතත් සරත් ගුණරත්න දැන හෝ නොදැන දේශපාලන සිය දිවි නසාගැනිමක් සදහා ස්වකැමැත්තෙන්ම තින්දු ගෙන ඇති බව පමණක් මෙහිලා සටහනක් කරනු කැමැත්තෙමු.

Save

Save

Save

Save

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here