සරත්ගේ නගරාධිපති අපේක්ෂකයා හර්මන් කුරේරාද ?

0
75

ACL-Negombo.jpg(4.30pm)මීගමුව දේශපාලනය තුල සරත් පිළ සහ ලංසා පිළ වශයෙන් වු බෙදිම පළාත් පාලන මැතිවරණය මුවවිටට තිබියදි යළිත් වටයකින් තිව්ර වෙන්නට පටන් ගෙන තිබේ.
ඒ පොහොට්ටුවේ මීගමුව නගරාධිපති අපෙක්ෂකයා පිළිබදව මතුව ඇති ගැටළුවත් සමගින්ය.
සරත් පිළේ ප්‍රබලයෙක් වන බන්දුල නාඔටුන්න ඇතුළු පිරිසක් යෝජනා කර සිටින්නේ හර්මන් කුරේරා නගාරාධිපති අපෙක්ෂකයා විය යුතු බවය.
එහෙත් නිමල් ලංසා සිය කෝටි ගණනින් මුදල් වැය කරමින් ජනතාව ගොනාට පවා අන්දවමින් කටයුතු කරමින් සිටින්නේ සිය සහෝදරයා මිගමුවේ නගරාධිපති අපේක්ෂකයා කිරිමටය.
කලකට ඉහතදි සරත් ගුණරත්න විසින් මීගමුවේ පොහොට්ටු නගාරාධිපති අපෙක්ෂකයා ලෙස දයාන් ලංසාව නම් කර තිබුණ අතර ඒ නිසාම සරත් පිළේ අය විසින් එයට දැක්වු විරෝධය මේ වන විට තිව්ර වෙමින් ඇති බැව් වඩාත් විශ්වාස කටයුතු ලෙස දැන්ගන්නට ඇත.