සරත්ට එරෙහිව ලංසාගේ කරට අතදාගත් රාජිත සහ මීගමුව ?

0
104

7හිටපු ධිවර ඇමති රාජිත ගුණරත්න සහ හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න අතර පැවැති විරසකය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසිද්ධියට පත් කරුණක් බව නොදන්නා අයෙක් නැති තරම්ය.
මේනිසාම සිය අමාත්‍යංශ කාල සිමාව තුලදි එකිනෙකාට එරෙහිව බොහෝ දේ කර ඇත.වරක් හලාවත ප්‍රදේශයේ ධිවරයන්ගේ ප්‍රශ්ණයක් ගැන සාකච්ජා කරන්නට පැමිණ රාජිත ඇමතිවරයාට එතනින් කඩිනමින් නික්ම යන්නට සිදුව තිබුනේ ඔහුට එරෙහිව බලවත් විරෝධයක් පැමිණ සිටි ධීවරයන්ගෙන් මතුවූ බැවිනි.
කෙසේ වෙතත් මේ තත්වය නියෝජ්‍ය ඇමතිගේ සැලැස්මක් බවටද කථාවක් පැතිර ගොස් තිබුණි.
නවරජය බිහිවිමත් සමගින් රාජිත ඇමතිවරයා සරත් ගුණරත්නට පාඩම් කියාදෙන්නට පටන්ගෙන ඇත්තේ නිමල් ලංසා හරයා යැයි ප්‍රකට අදහසක් මීගමුවේ සහ අවට ජනයා තුල ප්‍රචලිත වන්නට පටන්ගෙන තිබුණි.
මේ පසුබිම යටතේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානතම හා විශ්වාසවන්තම දේශපාලකයෙකු වු ඇමති නිමල් ලංසා රාජිත ඇමතිවරයා සමගින් සමිප ඇසුරක් ගොඩනගාගෙන තිබුණි.
ඒ අනුව නිමල් ලංසාව ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවටද කැදවාගෙන යන්නට රාජිත ඇමතිවරයා කටයුතු කර තිබුණි.
ඉතා කෙටි කලක් තුලදි දේශපාලනය පමණක් කරමින් කෝටි පතියෙකු වු නිමල් ලංසා වංචා දුෂණ පිළිබදව  මහත් ප්‍රසිද්ධියට පත්ව තිබියදි ඇමති රාජිත විසින් මීගමුව රෝහලේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රධාන වශයෙන් පවරනු ලැබු ප්‍රධාන දේශපාලකයා වුයේද නිමල් ලංසාවය.ඒ පසුගිය 11 වනදා මීගමුව රෝහලේදි පැවති විශේෂ හමුවකදිය.
පසුගිය ජනාධිපතිවරණයේදි කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වැය කරමින් රාජපක්ෂ යළිත් බලයට ගෙනඒමටය කටයුතුකළ ඇමතිවරුන් රැසක් සිටියදි වැඩි ජන්ද 28000කින් මීගමුව මෛත්‍රි පාලනයක් වෙනුවෙන් ජයගෙන තිබියදි එයට නායකත්වය දුන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතද එහි සිටියදි ඇමති රාජිත මෙවැනි තේරිමක් සිදුකිරිම පිළිබදව මීගමුවේ ජනයා අතර බරපතල සංවාදයක් දැන් මතුව තිබේ.
මීගමුවේ දි නිමල් ලංසාව මෙන්ම මහින්ද රාජපක්ෂවද අන්ත ලෙසින් පරාජයට පත්කර තිබියදි
පාරවල් සහ විවිධ ඉදිකිරිම් හරහා කෝටිපතියන් වු ඇමති නිමල් ලංසා සහ බොරළු සමන්තලා ඇමති රාජිතගේ මේ තේරිමත් සමගින් නැවතත් ජයගෙන තිබේ.
මැතිවරණයට පෙර ශ්‍රිලනිපයේ දත් 32 කම ගලවන බවට මීගමුවට පැමිණ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ඇමති රාජිතලාට ගලවා ගතහැකිවු දත් ගණන ජනාවාරි 08 වනදා ට පෙර රටම දැනගත්තේය.
මෛත්‍රිපාලන සිරිසේන මහතා ජයලබන්නේ මූලික වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණය යාන්ත්‍රණයත් දමිල සහ මුස්ලිම් ජනයාගේ ආශිවර්වාදය හා  ජවිපෙ වැනි කොටස් විසින් රාජපක්ෂ පාලනයට එරෙහිව දියත් කරන ලද මහින්ද විරෝධි දැවන්ත අරගලයත් හේතුකොටගෙනය.
ඒ අනුව හැකිතාක් මුදල් පමණක් හම්බකරන්නට සිය දේශපාලනය මෙහෙයවු නිමල් ලංසාලා වැනි දේශපාලකයන්ට මීගමුවේ ජනතාව ජිවිතයට මතක තියාගත හැකි පාඩමක් කියා දි තිබුණි.
එහෙත් දැන් සෞඛ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනිම සදහා ක්‍රියාත්මක මේ ගොන්පාට් වැඩ නිසා යළිත් වරක් අනාථ වන්නේ මීගමු හා අවට ජනතාවයි.
2002 වසරේ ප්‍රකෝටි ගාණක මුදල් වැය කරමින් ඉදිකරන්නට යෙදුන මීගමුව රොහලේ සත්මහල් ගොඩනැගිල්ල ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙසින් කියැන්ඇම් සමාගම කටයුතු කළද ඒ හරහා උපකොන්ත්‍රාත් ලබාසිටි ඇතැම් සමාගම් ඉදිකිරිම් කෂේත්‍රය තුල සුදුසුකම් නැති ලේඛණයට ඇතුලත්ව තිබුන අයද බවද වාර්ථා වේ. එහෙත් එවකට ක්‍රියාත්මක වු දේශපාලන අධිකාරියේ ආශිර්වාදයයෙන් මේ අය මීගමු රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් සදහා දායක වි තිබුණි.
ඒ නුසුදුස්සන්ගේ ඉදිකිරිම්වල විපාක අද විදින්නට සිදුව ඇත්තේ මීගමුව හා අවට සිටින දුප්පත් ජනයා හටය.
ඇමති රාජිතගේ කෝන්තර පිරිමසා ගන්නට මීගමුවේ හා අවට ජනයාගේ ජිවත්විමේ අයිතිය බිලිදිය නොහැකි බව ඉතා වගකිමෙන් යුතුව මෙහි සටහන් තබනු කැමැත්තෙමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here