මේ සදහා යක්කඩුව-වීරගාමිණි,මූදුකටුව-පාතිමා,උදම්මිට-ගාමිණි,මාටාගොඩ-ආනන්ද යන කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර,එයින් අවසාන මහා තරගයට මූදුකටුව-පාතිමා,උදම්මිට-ගාමිණි යන කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර, එම තරගයෙන් උදම්මිට-ගාමිණි කණ්ඩායම විසින් ජය ගෙන කුසලානය ලබා ගන්නා ලදී.
එහි ශූරතාවය ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහ අනු ශූරතාවය ජාතික එල්ලේ සම්මේලනයේ සභාපතිතුමාගේ සුරතින් පිරිනමන ලදී.
මෙම අවසන් මහා තරගයට ගරු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මැතිතුමා,ජාතික එල්ලේ සම්මේලනයේ සභාපති පළාත්සභා මන්ත්‍රි ආනන්ද හරිස් චන්න්ද්ර මැතිතුමා ඇතුළු මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීන් පිරිසක් සහභාගි විය.