සරත් නිදහස් !

0
81
Sarath K
පුස්තකාල ඡායාරූපයකි

ගිනි අවිද යොදාගනිමින්  ඡන්ද පෙට්ටි කොල්ල කෑමට තැත්කළේ යැයි කියන  චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 17 දෙනාගෙන් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 15 දෙනකු නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා ඊයේ (04දා) නියෝග කළේය.

පසුගිය 2001-12-07 හෝ ආසන්න දිනයකදී මීගමුව මුන්නක්කරය අලිය පොළ ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණයක් පැවැත්වෙමින් තිබියදී මෙම ඡන්ද පෙට්ටි කොල්ල කන ලදැයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසට චෝදනා ගොනු කර තිබිණි. 14- 15 සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් තවදුරටත් නඩු විභාගය පැවැත්වීමට නියමිතය.
එන්.එම්. ජිනදාස මහතා පැමිණිල්ල මෙහෙය වීය.
(මව්බිම ඇසුරිනි)