සරත් ලංසා ගැටුම තවත් උග්‍රවෙයි ! ලංසාගේ තේරිම⁣ට එරෙහිව සරත්ගේ කෙනාට මන්ත්‍රීධූරයක් !

0
40

Sarath G 2නිමල් ලංසා හා සරත් ගුණරත්න අතර දැනට කාලයක සිට පවතින ගැ⁣ටුම දැන් තවත් අර්බුදයට යවමින් අතිරේක ලයිස්තුවේ ලංසාගේ පත්කිරිම් අහෝසි කරන තැනට කටයුතු යෙදි තිබේ.

ලංසාගේ නියෝජිතයා කැපේ

මිගමුව අතිරේක ලයිස්තුවේ පිරිමි අපේක්ෂිකයන් දෙදෙනෙකු හට අවස්ථාව තිබුන අතර ඒ දෙදෙනාව නම්කර තිබුනේ නිමල් ලංසා විසිනි.
එනම් ජිවංග මිරැන්ඩෝ සහ ජානිපෙ පේසල ප්‍රේමතිලක යන අයවයි.
එහෙත් මහින්ද පිලේ ප්‍රබලයන්ගේද සහය මත දැන් සරත් ගුණරත්න විසින් අතිරේක ලයිස්තුවට නම්කර තිබු ලොකු බෝට්ටු හිමියන්ගේ සංගමයේ ප්‍රධානියෙකු වන ජුඩ් නැමැත්තාට මන්ත්‍රිධුරයක් ලැබුන ලකුණු දැන් ස්ථිර වෙමින් මේ නම්කිරිම සම්බන්ධයෙන් මිපුරට අදහස් ඉදිරිපත් කළ මහින්ද පිළේ මිගමුවේ ජේ්‍යෂ්ඨයෙකු කියා සිටියේ සරත් ගුණරත්නගේ මේ පත්කරගැනිමට හේතුවෙන් මීගමුව ජනයාට සේවය කිරිමට සිටි උගතෙකුගේ සේවය අහිමිව යන බවය..
පේසල ප්‍රේමතිලක යනු ලංකාවේ  රක්ෂණ ක්ෂේත්‍රය තුල දැවැන්තයෙකි.
කළමණාකරණ කෂේත්‍රය පිළිබඳව දෙස් විදෙස් ඩිප්ලෝමා සහතිකකධාරියෙකු වන ඔහු තමන් කළමණාකාරිත්වය දරන රක්ෂණ සමාගමේ මීගමුව ශාඛාව ඉහලටම ඔසාවා තබා හමාරය.
මේ අතර සරත් විසින් පත්කරගෙන ඇති තැනැත්තා පේසල තරම් උගතෙකු නොවන බවද  බව කියැවේ.
දැනුම පංති අංකයෙන් මැණගැනිමට අපහසුව වුවද මීගමුවට සේවය කරන්නට දෙස් විදෙස් කළමණාකරණ කුසලතා ඇත්තෙකු අහිමිව යාම යනු අපරාධයෙකැයි පොහොට්ටුවේ ජේෂ්ඨ ක්‍රියාධරයෙකු මිපුරට පවසා සිටියේය.

නිමල් ගේ ලයිස්තුවට සරත්ගේ විරෝධය

නිමල් ලංසා විසින් තනියම සකසන ලද අතිරේක ලයිස්තුවට සරත් ගුණරත්න විසින් අත්සන් කිරිම පවා එදා ප්‍රතික්ෂේප කර තිබුනේ තමන්ගේ ඉත්තන් නියම ගැන තබන්නට ඇති හැකියාව කල් ඇතිවම දැන සිටි නිසා විය යුතුය.
ඔහුගේ ප්‍රමුඛතා ලයිස්තුවේ තවත් අයෙකු සිටි.
ඔහු දැන් ඊලග සටන අරඹන්නේ ඒ වෙනුවෙනි.
ලංසා සිටින්නේ විදේශ ගතවය.

ලංසාගේ බුකි ප්‍රකාශකලා…

ලංසාගේ මාධ්‍ය ප්‍රකාශයන් සේ කටයුතු කරනු ලබන බුකියේ පිටුවක් පවත්වාගෙන දේශපාලනය ගැන මෙලෝ මළබෝලයක් නොදන්නා මඩකප්පිතන්  ටික දෙනාට මෙය නොවැටහුණද නිමල් ලංසා ඉතිහාසයේ කිසිකලෙකවත් මුහුණ නොදුන් තිරාණාත්මක ගැටළු ගණනාවකට මුහුණ දෙමින් සිටි.ක
බුකි ප්‍රකාශකලාට අනුව ලංසා ගොස් ඇත්තේ ආතල් එකක් ගැනිමට සදහා නිවාඩුවකටය.
එහෙත් දැන් ලංසාගේ ආතල් කැඩිගොස් ඇති අයුරු දන්නේද ලංසාම පමණි.
කෙසේ වෙතත් ලබන සතියේ  නිමල් ලංසාට මේ අනුව තවත් අර්බුද ගණනාවකට මුහුණදිමට සිදුවිම දැන් අනිවාර්යක් වි තිබේ.
මේ සියල්ල හමුවේ ඔහු විසින් සිය සහෝදරයාව නගරාධිපති කරවිමේ මෙහෙයුම පවා අත්හැරිමට ඉඩ ඇති බව වඩාත් විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්නට ලැබි ඇත.
කෙසේ වෙතත් මිගමුව දේශපාලනයෙන් ලංසා පවුල විසිවි යන දිනය දැන් වැඩි ඈතක නැත…