සරත් ,ලංසා ගැටුම යළිත් ඇරඹේ! පොහොට්ටුවේ රැස්විමේ වලියක් !

0
116

nimal and sarath Gනිමල් ලංසා සහ සරත් ගුණරත්න සදාතනික ගැටුම දැන් යළිත් කරළියට පැමිණ ඇත.මේ ගැටුම ඊයේ දිනයේ මීගමුව දූවේ පැවැත් රැස්විමකදි එළිපිටම මතුව ඇත.
මෙහිදි බරපතල මත ගැටුමක් හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර සහ සරත් ගුණරත්න අතර මතුව ඇති අතර මේ දෙදෙනාම මහහයියෙන් එකිනෙකාට චෝදනා එල්ල කරගෙන ඇත.
හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර විසින් නිමල් ලංසාව අගේ කරමින් කථා කර තිබුන බවද වාර්ථා වේ.
මේ රැස්විම සදහා පොහොට්ටුවෙන් තරග කරන සියළු කොට්ටාශ අපෙක්ෂකයන් පෙන්ම අතිරේක අපෙක්ෂකයන් සියල්ලමද පැමිණි ඇත.
දැන් ගැටුමේ හරි මැද ලකුණු වි ඇත්තේ පොහොට්ටුවේ නගරාධිපති අපෙක්ෂකයා සහ උපනගරාධිපති ගැන ප්‍රශ්ණයයි. ගැටුම යන අතරේ ඊට මැදිහත්ව ඇති නිමල් ලංසා කියා ඇත්තේ නගරාධිපති සහ උපනගරාදිපති තෝරන්නේ තමන් බවය.
මේ නිසා දැන් ගැටුම තවත් උත්සන්නව ඇත.
සරත් පිළේ පිරිසක් නිමල් ලංසාගේ ප්‍රකාශයට පැහැදිලි විරෝධයක් දක්වා ඇති අතර මේ ගැන විශේෂ සාකච්ජාවක් කිරිම සදහා මේ පිරිස සරත් ගුණරත්නගේ නිවසට ඊයේ රාත්‍රියේ යැමට නියමිතව සිටි බවද සැලය.
කෙසේ වෙතත් මේ ගැටුම ඉදිරි දින කිපය තුලද උග්‍ර වනු ඇති බව නම සදහන් නොකළ මීගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු මීපුරට කියා සිටියේය.