සල්ලිකාර හෝටල්කාරයන් ඉදිරියේ රාජකාරිය හෑල්ලුවට ලක්කරන මීගමුවේ නිළධාරි පැලැන්තියක් ?

0
102

dengu protest 10.JPG.JPG.JPGරටේ ජනාධිපතිවරයා යනු හිටුප සෞඛ්‍ය ඇමතිවරයාය. එකාධිපති පාලනයක් හමාර කොට යහපාලනයට අඩිතාලම් දැමු ප්‍රධානින් අතර ප්‍රමුඛයෙකුව සිටි අයෙක් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාය.
තතු එසේව තිබියදි මීගමුව කුරණ ප්‍රදේශයේ  එක්දරු මවකට ජිවිතයෙන් අවසනාවන්ත ලෙස සමුගන්නට සිදුවන්නේ ඩෙංගු රෝගය නිසාවෙනි.
ඒ මීගමුව ප්‍රදේශය තුල වසර ගානකට පසු සිදුව තිබුණ පළමු ඩෙංගු මරණයයි.
කුරණ ප්‍රදේශයේ ඩෙංගු ප්‍රශ්ණය නගරයේ සංවාදයක් බවට පත්වන්නේ ඒ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක ඩෙංගු රෝගින් 13 දෙනෙකු සිටින  බවට මීගමුවට රෝහල තුල වාර්තා ගත විමත් සමගින්ය.
ඒ අනුව ක්‍රියාත්මක වන මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින්ට පසුගිය ජනවාරි 27 වනදා මේ සුපිරි හෝටලයේ ස්ථාන කිපයකදි ඩෙංගු මදුරු කීටයන් හමුව තිබේ.
මාස 2 කකට පමණ පෙර මීගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තනතුරු භාරගත් වෛද්‍යවරයා පවා මේ ගැන පිළිඅරගෙන තිබේ.
පසුගිය දින කිහිපය තුලද මේ හෝටලය අවටින් ඩෙංගු රෝගින් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්ථා වි තිබුණි.
තතු එසේ වුවද 2016 පෙබ 11 වනදා වන විටත් මේ හෝටලයට එරෙහිව නඩු දමන්නට මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය අසමත්ය.
මෙහි ඇති දෛවයේ සරදම වන්නේ ජනපති හිටුප සෞඛ්‍ය ඇමතිවරයා වුවද ,වත්මන් සෞඛය ඇමතිවරයා පැවැති භිෂණකාරි ඒකාධිපති රජය පෙරළන්නට මුල් වු අයෙකු වුවද අප මේ කථා කරන සුපිරි  හෝටලයේ හිමිකරුවන් වන්නේ මහින්ද රාජපක්ෂ පාලනය හේතුවෙන් කෝටි ප්‍රකොටිපතියන් වු අයවලුන්ය.
මීගමුවේ සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා වන්නේ මේ සුපිරි හෝටලයේ හිමිකරුවෙක් යැයි කුරණ ගම්වාසින් විසින්ද ප්‍රසිද්ධියේ නම් කර ඇති ඇමති නිමල් ලංසාගේ සොහොයුරු දායන් ලංසාය.
දැන් කුරණ ජනයාට මරණ බිය ඇතිකරමින් ඩෙංගු බෝකරන මේ සුපිරි හෝටලයට නඩුවක් දාගන්න බැරි තරම් තත්වයක් උද්ගතව තිබේ.
මේ මීගමුවට යහපාලනය උදාකර ඇති ඛේදවාචකයේ ඇත්ත තත්වයයි.
මීගමුව ජනතාව විසින් අන්ත පරාජයක් අත්කරදුන් දේශපාලකයන් ඉඹලා රැකගන්නා තරමට මීගමුව් රජයේ නිළධාරි පැලැන්තිය දීන වි ඇති සෙයකි.
ඉතින් මීගමුවට යහපාලනය යළිත් කැදවාලන්නේ කෙසේද ?
නෙවිල් ප්‍රනාන්දු -කුරණ